
(අයි ආර් ඉන්දික)
බුත්තල ඔක්කම්පිටිය මිනිපුරගම හේනක දී ඇතින්නක හා පැටිවකු විදුලිසැර වැදිමට සලස්වා මරා පැටවා මැණික් පතලකට දමා ඇතින්න ගිණිතබා පුලුස්සා දැමිමට උත්සහදැරු පුද්ගලයෙක් මොනරාගල වනජීවි නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මිනිපුරගම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
ගෘහස්ත විදුලිය ඇදිමෙන් වයස අවුරුදු 25ක් පමණ වන ඇතින්න හා වයස අවුරුදු එක හමාරක් වු පැටවා මියගොස් ඇති බවට සිදුකල මුලික පරීක්ෂණවලදි අනාවරණය වි ඇති තිබේ.
ඇතින්න පිළිස්සිමට උත්සහදරා ඇති අතර අලි පැටවා මැණික් පතලකට දමා පස්වලින් වසා දමා තිබියදි වනජීවි නිළදාරින් විසින් සොයා ගන්නාලදි.

COMMENTS
Reply To:
-
ලංකාවේ බොහෝ පළාත්වල දශක ගණනාවක සිට නිතර දක්නට ලැබෙන වන අලි සහ ගැමියන්ගේ ගැටලුව මේවන විට සිමාවන් ඉක්මවා යමින් තිබේ.වන අලි ප්‍රහාරයට ලක්වන ගැමියන් සහ ගැමියන්ගේ ප්‍රහාරයට ලක්ව මියයන පිරිස මේවන විට වැඩිවෙමින් තිබේ. ගැමියන් දින සති මාස ගණනක් විරෝධතා දක්වමින් විසදුම් ඉල්ලා අරගල කරමින් සිටි. මේ වනවිට ලංකාවේ සිදුවන වන විනාශය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය මුලිකව ලෝකයා දැනුවත් කරමින් සහ රටළ කරගෙන යන්නවු සංවාදය හෝ දැනුවත් කිරීමට ඉතාම සන්කිර්නාවූ අලි මිනිස් ගැටුම සම්බන්ධ කර එම ගැටලුවට විසදුම් ලබා දිය හැකිද කියා සොයා බැලීම වැදගත්වේ.
යන්න වෙනම අපායක් හදන්න වෙයි
සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා පන්සල් ගිහින් කියලා ගෙදර ඇවිල්ලා අලින්ව මරන්න තරමට හිත හදාගෙන...
වල් අලින්, වල් ඌරන් වැනි සතුන්ට ස්වභාවික විලෝපිකයින් නොමැති බැවින්, ඔවුන්ගේ ගහනය සවාභාවික පාලනය නොවේ. යටත් විජිත සමයේ සුද්දන් වන සතුන්ගේ ගහනය පාලනය කලේ සතුන්ට වෙඩි තැබීමෙනි. අදත් ඔවුන් මෙම ක්‍රමය කැන්ගරුවන්, බෝග වලට හානි කරන වෙනත් සතුන්ගේ ගහනය පාලනය කිරීමට යොදා ගනී. බෞද්ධ පරිසරයක් ඇති ලංකාව වැනි රටක මිනිසුන් සතුන් මැරීමට මැලි වෙති. අද වල්අලින් බොහෝවිට ගම් වදින්නේ හේන් බෝග සහ අස්වනු කපාගත් වී වල රස වැටුණු විටයි. අලින්ගේ ගහනය වැට බැඳීමෙන් හෝ මී මැස්සන්ගේ ගුමු ගුමුව පැතිරවීමෙන් වැළැක්විය නොහැකිය. එබැවින් ප්‍රායෝගිකව කළයුත්තේ ගම් වදින අලින්ට වෙඩි තැබීම, හැකි උදවියට උන් රැකබලා ගැනීමට දීම හෝ උන් බාර ගත හැකි රටකට අපනයන කිරීමයි.