(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගිරිබාව පොලිසියේ සැරයන්වරයෙකු රුපියල් 20000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (24) දහවල් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි
ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
පැමිණිලිකරු සමග විවාහ වී සිටින දැනට ඔහුව අතහැර ගොස් සිටින බිරිඳට විරුද්ධව පැමිණිලිකරු විසින් පවරන ලද වන්දි නඩුවට අදාලව බිරිඳට විරුද්ධව ඇති වරෙන්තුව ක්‍රියාත්මක කර බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරදීම මගින් හිඟ වන්දි මුදල් මුදල් ලබා ගැනීමට උදව් කර දීම වෙනුවෙන් එකී මුදල ඉල්ලා තිබූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගස් සැකකරු ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට