IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අල්ලස් ගත් පිඒච්අයි රිමාන්ඩ්

(කාංචන කුමාර ආරියදාස)

ගලේවෙල  තලකිරියාගම ප්‍රදේශයේ අවන්හලකින් වෙළඳ බලපත්‍ර අලුත් කිරීම සඳහා රුපියල් ලක්ශ  දෙකක  අල්ලස් මුදලක් ලබාගත් බවන කියන චෝදනාවක් යටතේ ගලේවෙල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල සම්ත්රූත් ජෙහාන් මහත්මිය අද (15) දින නියෝග කළාය .

මෙසේ බන්ධනාගාර ගත වූයේ ගලේවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වු එම්.ජි.සුසන්ත ඉසුර බණ්ඩාර නමැති අයෙකි.

ඔහු රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා සිටින බව හෝටල් හිමියා අල්ලස් කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි.

ඒ අනුව අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් සංචාරක හෝටලය ආසන්නයේ රැඳී සිටිමින් 14 දින රාත්‍රී අත්තඩංගුවට ගෙන  ගලේවෙල පොලිස් ස්ථානයේ රඳවා සිට  සැකකරු දඹුල්ල  මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන දාහත දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදිනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.



අදහස් (2)

අල්ලස් ගත් පිඒච්අයි රිමාන්ඩ්

ranjith Sunday, 16 February 2025 07:54 AM

ඔයා වගේ කඩිනමින් ඔයා අල්ලනවා කිව්ව හොරු අල්ලන්නකෝ... දැන් සෑහෙන කාලයක සිට පැවැතුණු ඡන්ද පොරොන්දුවක් වුණේ හොරු අල්ලන එකනේ...

:       2       0

PereraMonday, 17 February 2025 05:56 AM

රන්ජිත්, මහ හොරුන්ව ඔයා පගාවක් ගත්තු එකෙක් වගේ සුටුස් ගාලා පගාව ගන්නකොට අත්අඩංගුවට අරන් නඩු දාන්න පුළුවන් කියලද හිතන් ඉන්නෙ? රට බංකොලොත් වෙන්න එක හේතුවක් ඔයා වගේ මෝඩයින් රටේ ඉන්න නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 770 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site