
(අංජුල මහික වීරරත්න)
කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනතාව විසින් උත්පාදනය කර ඇති බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම් එම බලය ඵලක් නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ , "2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුම" වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පැවැති උත්සවයේදීය.
"සුපිළිපන්න හෙටක් සඳහා තාරුණ්‍යය එකමුතු කරමු " යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සැමරීම සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය තරම් නීති සහ ආයතන පැවතුණත් එම නීතිය භාවිත කර අල්ලස් හෝ දූෂණය වළක්වාලීමට කටයුතු කර තිබෙන බව තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසීමක් කළ යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
දූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වන විට 115වන ස්ථානයට පැමිණීම නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරීම සිදු කරනු ලබන්නේ මන්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
වසරෙන් වසර දූෂණය සහ වංචාව වැඩිවීමක් සිදුව ඇති බවත් එය ලබන වසරේදී අවම කර ගැනීමට නොහැකි නම් ජාත්‍යන්තර දින සැමරුම් පැවැත්වීමේ වටිනාකමක් නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.


COMMENTS
මෙච්චර කල් හිටපු අයට ඕක ප්‍රශ්නයක් වුනේ නෑනේ. එකක් කියලා තව එකක් කරන එක ඒ අයට හරි ලේසියි. ඔබතුමත් දැනුම, කුසලතා, පළපුරුද්ද ලබාගන්න පංතියකටවත් යන්න. පිංගොයියා දැන් ව්‍යවස්ථාව ගැන, විනිවිදභාවය ගැන පංති පටන්ගත්තා...!
මෙයා බලය ගත්තෙ බොරු කන්දක් අල්ලස් දීලා 69 ලක්ෂයක හිත් දූෂණය කරලා බව ඉතිහාසයේ ලියැවී අවසන්...
මට මතකයි මේ වගේ දෙයක් තවත් කවුරුහරි කිව්වා. ජනතාවට යන්න එන්න සැප වාහන තියෙනවාද? නැහැ. එහෙනම් අපිටත් එපා. ජනතාවට නැති කිසිම දෙයක් අපිටත් එපා. කා විසින් කා හට පවසන ලද්දක්ද?
සුනාමි ආධාර හොරුයි, මහබැංකු හොරුයි... රටේ ජනාධිපති සහ පින් ජනාධිපති වෙලා කළ විනාශයක මහත...
අනුරගේ සුරංගනා කතා අහලා දැන් ඇතිවෙලා තියෙන්නේ... අනුරට පුළුවන් කතා විතරයි දැන් අපිට තියෙන්නේ... කෝ විසිල් විතරයි, බල්ටි නැහැ... තමා හොරෙක්ව අල්ලගන්න බැරිවුණා.
නායකයා කියන්නේ ඒකයි... ජය...!
මොනා නැතත් මේ රටේ බොරු සැමරුම් වලින් නම් අඩුවක් නැහැ!
කතාවට නම් හරිම දක්ෂයි. ඒත් එන්න එන්නම ක්‍රියාව අප්සට් වේගෙන එන්නේ...
ජනතාවට සැප වාහන තියෙනවද? නැහැ. එහෙනම් අපිටත් එපා. ජනතාවට නැති කිසි දෙයක් අපිට එපා. මම මේ ඇත්තමයි කියන්නේ. අම්මපා.