
(රෝෂන් තුෂාර)
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් තොරව ,අත්තනෝමතිකව හා අනීතිකව ,කුණු කොල්ලයට කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අසනීප තත්වයේ පසුවන බැවින් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව අද(2) දැනුම් දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන 9.00ට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන අංක 01 ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා විසින් රාජිත සේනාරත්න මහතාට ලිඛිතව දැනුම් දී ඇත.
රාජිත. සේනාරත්න මහතාගේ නීතිඥවරයෙක් උදෑසන අල්ලස් කොමිසමට පැමිණ රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් විමර්ශනය සඳහා සහභාගී විය නොහැකි බවට ලිපියක් ලබාදී ඇතිි බව අල්ලස් කොමිසම ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකයට රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කළ අල්ලස් කොමිසම පසුගිය 27 වැනි දින සඳහන් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩයනවා ඇති නොකඩවාම, ආපු නැති එක හොඳයි. නැත්නම් ඔතැන පුටු හෝදන්නත් වෙනවා රජයේ ගානේ. ඕක ඉවර වෙච්චි දවසක එන්න කියන්න...
දත් කැක්කුම ද ලෙඩේ?
හුඟක් දූෂිත දේශපාලුවන්ට සාමාන්‍යයෙන් ඇතිවන රෝගී තත්වයක්. පහුගිය කාලවලත් හිටපු ගමන් ලෙඩවෙන අයත් අපි දැකලා තියෙනවා...
ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් අනිත් පැත්තට, හතර අතටම පනිමින් කෙරුවේ හොරකම් කරන එක විතරයි ! රට බංකොලොත් කරලා උන් ගොඩ ගියා, දැන් ඒවට පොලියත් එක්කම ගෙවන්න ලැහැස්ති වෙයන් ටොමියා............
නැහැ මිනී මෝරෙක් දෂ්ට කරලා
මුංට අට අනූවක් රෝග හැදෙන්නෙ මේවට කැදෙව්වම විතරයි, අනිත් වෙලාවට මුංම මාධ්‍ය සාකච්ඡා කැදවලා පොර ටෝක් දෙනවා. ගරැ අධිකරණය මෙම කරැණ වහාම තදින් සැලකිලිලට ගත යුතු යැයි සිතනවා.
හොරුන්ට හොර ලෙඩ හැදෙනවා, පගා කප්පිත්තෙක්...
සෞඛ්‍ය ඇමති දේශපාලනයෙන් ගොඩ ගිය උන් දසලක්ෂ ගණන් රජයේ මුදල් වලින් සිංගප්පුරුවෙන් ප්‍රතිකාර ගත්තේ.
දැන් ඉස්සර වගේ දත් ගලවන්ඩ බැරුව ලෙඩ වෙලා?
මේකාට, කෙහෙළිය ගෙනාපු බෙහෙත් දුන්නානම් නිට්ටාවටම සුව වෙනවා.
බලාගෙන ගියාම මුන් සනීපෙන් ඉඳලා තියෙන්නේ සල්ලි ගහන්න විතරයි. ඒවා ගැන අහනකොටම ලෙඩ වෙනවා
නීතිය සැමට එකයි කියලා ජනාධිපති පම්පෝරි ගැහුවට රතු ලේබල් කන්ටේනර් 323 ක් පන්නපු කේස් එක ලස්සනට යට ගහමින් ඉන්නවා. ඒක ගැන කතා කරපු අයටත් නොයෙක් චෝදනා එල්ල කරලා අත් අඩංගුවට ගත්තා, ප්‍රශ්ණ කලා. තව ඇමති කෙනෙක්ට හොර ඔප්පු හදලා අඩු මිලට දේපලක් ගත්තා කියලා උසාවියෙන් වරෙන්තු තියෙනවා ඒත් ඔහු උසාවි නොගිහින් ඉන්නවා. හාල්, පොල්, ලුනු අඩු මිලට ගෙනත් වැඩි මිලට විකුණන ඒවාත් හොයන්නේ නෑ. ඔවුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොවුනොත් අනාගතේ දවසක ක්‍රියාත්මක වේවි. සමහර විට පක්ෂ අරමුදල් ගැන, 87-89 කාලේ කරපු දේවල් ගැනත් ඇදෙයි.
සමාජයේ කථිකා වන නැව් ගනනාවක් හිමි එ්වා විදේශ රටවල රෙජිස්ටර් කරන ලද හා එම අාදායම් රටේ දේශපාලනයෙන් යම් යම් අාකාරයෙන් උපයාගත් බව අපට නිතර අසන්නට ලැබේ
අල්ලස් කොමිසමට කැදවාපුවාම වෙලාවට කලිනුත් කලුතර පැත්තේ එකෙක්ට නයෙක් ගැහුවාලු නේද?
මහින්දයාගේ දෑත් ශක්තිමත් කරන්ඩ කියලා පැනපු කෙනා. එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු බලලෝබි බඩගෝස්තරවාදි තවත් දූෂිතයෙක් .දත් ගලවන්ඩ විදියක් නැතුව ගියා. හිතේ අමාරුවට ලෙඩ වෙන්ඩ ඇති?
පරීක්ෂණ පැවැත්වීම හොඳයි. නමුත් නඩු විභාගයට පෙර සිටම වීරුද්ධවාදීන් අත්අඩංගුවට ගෙන පීඩාවට පත්කිරීම දැන් අලුත්ම සිරිතක් වෙලා තියෙනකොට මිනිස්සුන්ට උත්තරයක් දෙන්න යන්නත් දැන් බයයි.