IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට

(ෂේන් සෙනෙවිරත්න)

අලදෙණිය  කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.

වෙසක් නැරඹීම සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් යටිහලගල අතුරු මාර්ගයක් ඔස්සේ කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබියදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී හෙළකට පෙරළීමෙන් ඊයේ (12) රාත්‍රියේ  මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

එම අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 30 දෙනකු සිට ඇති අතර අනතුරින් තුවාල ලැබූ 29 දෙනකු රෝහල් ගත කොට ඇතිඅතර මහනුවර ජාතික රෝහලට තුවාලකරුවන් 19 දෙනකුද පෙරාදෙණිය ශික්ෂණ රෝහලට තුවාලකරුවන් 06 දෙනකුද කටුගස්තොට රෝහලට තුවාලකරුවන් 03 දෙනකුද තිත්තපජ්ජල රෝහලට එක් තුවාල කරුවෙකුද ඇතුළත් කොට ඇති බව පවසන පොලිසිය ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව කියයි.

 



අදහස් (1)

අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට

Perera Tuesday, 13 May 2025 09:27 AM

බස් පල්ලම්වලට පෙරළෙනවා ඉවරයක් නෑ. කෝච්චි පීලි පනිනවා ඉවරයක් නෑ. බස්වලටයි, කෝච්චිවලටයි... මොන කරුමයක් පලදීලද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2355 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site