
(ෂේන් සෙනෙවිරත්න)
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
වෙසක් නැරඹීම සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් යටිහලගල අතුරු මාර්ගයක් ඔස්සේ කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබියදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී හෙළකට පෙරළීමෙන් ඊයේ (12) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
එම අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 30 දෙනකු සිට ඇති අතර අනතුරින් තුවාල ලැබූ 29 දෙනකු රෝහල් ගත කොට ඇතිඅතර මහනුවර ජාතික රෝහලට තුවාලකරුවන් 19 දෙනකුද පෙරාදෙණිය ශික්ෂණ රෝහලට තුවාලකරුවන් 06 දෙනකුද කටුගස්තොට රෝහලට තුවාලකරුවන් 03 දෙනකුද තිත්තපජ්ජල රෝහලට එක් තුවාල කරුවෙකුද ඇතුළත් කොට ඇති බව පවසන පොලිසිය ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් පල්ලම්වලට පෙරළෙනවා ඉවරයක් නෑ. කෝච්චි පීලි පනිනවා ඉවරයක් නෑ. බස්වලටයි, කෝච්චිවලටයි... මොන කරුමයක් පලදීලද?