IMG-LOGO

අලුත් විභාග කොමසාරිස් ජනරාල්වරියක් පත් කරයි

(අංජුල මහික වීරරත්න)

විභාග කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විභාග කොමසාරිස් ජනරාල් තනතුරෙහි සේවය කරන එච්.ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය 2025-05-06 දිනෙන් අවසන් වී ඇත. 

ඒ අනුව පුරප්පාඩු වී ඇති විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (1)

අලුත් විභාග කොමසාරිස් ජනරාල්වරියක් පත් කරයි

Anusha Godakanda Friday, 16 May 2025 02:10 PM

මුලින්ම සුබ පැතුම් එක් කරනවා ඔයාට. ඒ වගේම ලොකු විශ්වාසයක් තියෙනවා අපට අධ්‍යාපනය පැත්තෙන් විශාල වෙනසක් ඇති කරාවි කියලා. මේ රජය ගත්ත හොඳ තීරණයක් මෙතුමිය පත්කිරීම සහ ඔබතුමිය සහ මම එකම පන්තියේ පාසැල් දෙකක ඉගෙන ගත්තේ. මගේ හොඳම යෙහෙළියකගේ යෙහෙළියක් ඔබතුමිය. අපි සමග එකට ඉගෙනගෙන A/L කරන්න සංඝමිත්තා බාලිකාට ගියපු. ඉතින් ගොඩක් සතුටුයි ලොකු ආඩම්බරයක් අපට දකුණු පළාතෙන් ප්‍රථම අධ්‍යාපන කොමසාරිස් තුමිය ඔබ වීම... හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඉදිරි වැඩකටයුතු ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට ශක්තිය ලැබේවා කියලා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2078 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 645 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 728 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site