
(අංජුල මහික වීරරත්න)
විභාග කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විභාග කොමසාරිස් ජනරාල් තනතුරෙහි සේවය කරන එච්.ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය 2025-05-06 දිනෙන් අවසන් වී ඇත.
ඒ අනුව පුරප්පාඩු වී ඇති විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම සුබ පැතුම් එක් කරනවා ඔයාට. ඒ වගේම ලොකු විශ්වාසයක් තියෙනවා අපට අධ්‍යාපනය පැත්තෙන් විශාල වෙනසක් ඇති කරාවි කියලා. මේ රජය ගත්ත හොඳ තීරණයක් මෙතුමිය පත්කිරීම සහ ඔබතුමිය සහ මම එකම පන්තියේ පාසැල් දෙකක ඉගෙන ගත්තේ. මගේ හොඳම යෙහෙළියකගේ යෙහෙළියක් ඔබතුමිය. අපි සමග එකට ඉගෙනගෙන A/L කරන්න සංඝමිත්තා බාලිකාට ගියපු. ඉතින් ගොඩක් සතුටුයි ලොකු ආඩම්බරයක් අපට දකුණු පළාතෙන් ප්‍රථම අධ්‍යාපන කොමසාරිස් තුමිය ඔබ වීම... හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඉදිරි වැඩකටයුතු ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට ශක්තිය ලැබේවා කියලා..!