IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


අලුත් නි. ඇමතිලා හය දෙනාත් මැතිසබේ තෙල් එපා කියති

(සුජිත් හේවාජුලිගේ)

මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලබාදෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.

මේ අනුව මින් ඉදිරියට ඔවුන්ට හිමිවන්නේ නියෝජ්‍ය ඇමතිවරුන්ට ලැබෙන ඉන්ධන දීමනාව පමණකි.

එරංග ගුණසේකර, අරවින්ද සෙනරත්, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න සහ එම්.එම් අයි අර්කම් මෙසේ මන්ත්‍රී ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව දැනුම් දුන් නියෝජ්‍ය ඇමතිවරු වෙති.

පසුගිය රජයන්හි ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු බොහෝ දෙනෙක් අමාත්‍ය ධූරයට ලැබෙන ඉන්ධන දීමනාවට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධන දීමනාවද  ලබා ගත්හ.

අගමැතිනිය ඇතුළු ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් 48 දෙනකු පාර්ලිමේන්තුවෙන් ලැබෙන ඉන්ධන දීමනාව මීට පෙර ප්‍රතික්ෂේප කර තිබිණ.

 



අදහස් (3)

අලුත් නි. ඇමතිලා හය දෙනාත් මැතිසබේ තෙල් එපා කියති

Chinthaka Sunday, 02 November 2025 05:33 AM

ඇමැතිකමටයි, මන්ත්‍රීකමටයි දෙකෙන්ම ඉන්ධන දෙනවා නම් බරපතළම වරදක් වෙනවා... මොකද වාහනයකට එතරම් තෙල් ගන්න බැරි නිසා. ඒ ගමන්ම සමහරක් රජයේ තනතුරු දරන උන්දැලා වාහන බලපත්‍ර ගන්නවා රජයේ වාහනය (නිළ රථය) සුලු මුදලක් ගෙවා පුද්ගලික පාවිච්චියට ගන්නවා. නිලධාරියාගේ පවුලේ කෙනෙක් ගෙනගොස් අනතුරක් වුණොත් රියදුරුට වරද පටවනවා රජයේ වාහනය අලුත්වැඩියාවක් සදහා ගෙන ගියොත් පුද්ගලික වාහනය යොදාගෙන කුලිය ගන්නවා. ඒත් රාජකාරි යන්නේ වෙන කෙනෙකු නමින් වෙන්කළ සංචිත වාහනයක් යොදාගෙන තමයි ඒවාත් බලන්න පුළුවන් නම් හොදයි.

:       0       0

ගුණරත්න Sunday, 02 November 2025 07:51 AM

මාසයකට කෝටි ගානක් එකතුවෙන පැලවත්ත අරමුදල තියෙද්දී ආණ්ඩුවෙන් තෙල් සල්ලි මොකටද? ඔය තෙල් සල්ලි බක්කට වැඩිය තෙල් ගන්නේ නැහැ කියන පීආර් ගේම් එක වටිනවා.

:       0       0

Rata Perata Sunday, 02 November 2025 02:22 PM

ඉස්සර හිටිය අය නම් මේක දෙගුණ කරගන්න දගලනවා. ගොඩක් මිනිස්සුන්ට සහ හිටපු දේශපාලකයන්ට දැන් තමයි නියම ජනතා සේවය කියන්නේ මොකක්ද කියලා තේරෙන්න පටන් අරගෙන තියෙන්නේ...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1911 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site