(රෝෂන් තුෂාර)
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර් මස 25 වැනි දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කළේය .
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් 2021මාර්තු 22 දින බේස්ලයින් මාර්ගයේදී රිය අනතුරක් සිදුකර රථයේ සිටිපුද්ගලයාට පහර දී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් ගොනු කළ පැමිණිල්ලේ සාක්ෂිය විභාගය සඳහා පෙනී සිටින ලෙසට මෙසේ නියම කෙරිණි.
අද මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා අධිකරණයේ පෙනී සිටි අතර පහර කෑමට ලක්ව අගතියට පත් වූයේ යැයි කියන ලසන්ත අබේවර්ධන අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදීම අද සිදුකෙරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
Perera Wednesday, 23 April 2025 06:27 AM
මනුස්සයෙකුට උපස්ථාන කරන්න බැඳිලා ඉන්න එවුන් මනුස්සයන්ට තලා පෙලා තාඩන පීඩන කරනවා කියන්නෙ මූ වෛද්‍යවෘත්තිට සුදුසු නැහැ නේ
Prabath Wednesday, 23 April 2025 12:16 PM
මෙයා ස්වාධීනෙන් ඉල්ලුවාට කොටි ජෙප්පෙක්. අනිවාර්යයෙන්ම JVP සම්බන්ධයි. කොටින්ටත් සම්බන්ධයි. කොහොමටත් JVP එක කොටින්ගේ සහයෝගය ගන්නවනේ.