
බංග්ලාදේශ අරගලය පසුපස සිටින්නේත්, එය මෙහෙයවීම කළේත් පාකිස්තානයේ අයි.එස්. බුද්ධි අංශය බවත්, එම බුද්ධි අංශයේ අරමුණ බංග්ලාදේශය අස්ථාවර කිරීමට බවත් ශිෂ්‍ය විරෝධතා හමුවේ ධුරයෙන් බවත් වී රටින් ද පලා ගිය අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ පුතු සජීබ් වසීඩ් චෝදනා කරයි.
සජීබ් වසීඩ් බංග්ලාදේශ ව්‍යාපාරිකයෙකි. ඔහු මෙසේ චෝදනා කළේ අයි.ඒ.එන්.එස්. පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. තම මව ෂෙයික් හසීනා යළි කිසි දිනෙක දේශපාලනයට පැමිණෙන්නේ නැති බව ද එම සම්මුඛ සාකච්ඡාවේදී සජීබ් වසීඩ් යළිත් වරක් අවධාරණය කළේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.