(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු ඩොලරයට සාපේක්ෂව රුපියල දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියලේ අගය තුන්සිය දක්වා ඉහළ ගොස් තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
"අපට ස්ථාවරත්වයට පත් වීම සඳහා වසර 04ක කාල පරිච්ඡේදයක් තිබෙනවා. අයවැය හිඟයක් ඇති නොවන බවට හා 2026 වන විට අයවැය අතිරික්තයක් ඇති කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ඉලක්ක සමඟ අප එකඟ වුණා. එවිට අප ලබා ගත් මුදල් නැවත ගෙවිය හැකියි. දැන් එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ.
නමුත් ආර්ථිකය ස්ථාවර කර ගත් පසු, ණය ප්‍රතිව්‍යුහගත කළ හැකි වූ පසු, අපේ සියලු ණය ගෙවා සෑම වසරකම අතිරික්තයක් රට තුළ ඇති තත්ත්වයට පැමිණීමට ක්‍රමවේද සොයා ගත යුතුයි. ජපානය, සිංගප්පූරුව ජර්මනිය හෝ කොරියාව වැනි රටවල වගේ , වසර අවසානයේදී අපට අතිරික්තයක් ලැබෙනු ඇති.එවිට විදේශ විනිමය ආදායම අපගේ අවශ්‍යතා සඳහා යන වියදම අභිබවා යනවා. මෙය තමයි ඊළග ඉලක්කය.යනුවෙන් ද ජනාධිපතිවරයා පැවසීය.
අරලියගහ මන්දිරයේ පැවති සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
COMMENTS
හෑ මරුනේ.... ඒ කියන්නේ රුපියල් 2 ක් රුපියල් 390 ක් වෙනවා.
මෙහෙමත් ඇන්දිල්ලක්... කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්නවත් බැහැ... කමක් නෑ... ඔහොම යමංකෝ... ඉස්සරහට බලාගන්න පුළුවන් ඩොලරය රුපියල් 185 වෙන හැටි...
තව තව ණය අරගෙන ඩොලර් වලින් ණය ගෙව ගෙවා රුපියල ශක්තිමත් කරන හැටි මටනම් කොහෙත්ම තේරුම් ගන්න බැහැ. වොක්සගන් ඇන්දිල්ලක් වගේ පේන්නෙ!
ලංකාවේ වගේ අනුවණ ජාතියක් මම ලෝකේ කොහෙවත් දැකල නෑ. බලයට තණ්හාවට අවුරුදු 30ක් 40ක් තම ගෝලයන්ට හොරකම් කරගන්න අවස්ථාව හදල දීපු පල් හොරෙක්, මහා බැංකුව බිදපු එකෙක් රට හදයි කියල තවමත් හිතන් ඉන්නවා. පික් පොකට් කාරයෙක්, කවදා හරි හොරකම් කලාට වැඩි මුදලක් හොරෙන් ඇවිත් උබලගේ පොකට් එකට කවදා හරි දාල ගිහිල්ල තියෙනවද?
මහ බැංකුව කඩපු සල්ලි ටිකත් ඔය ගමන් ගෙනාවා නම් ඩොලර් එක ශත ගානට බස්සන්න පුළුවන්නේ... යාලුවා නිසා බැරිවෙන එකක් නෑ... ඔය ඡන්ද කල්දානවා වගේ බැරි වැඩත් යස අගේට කරන්නේ...
රනිල් වික්‍රමසිංහ මේ අහගන්නවා, අපි කවුරුත් දන්නවා තමුසේ දක්ෂයාබව බැංකු කඩන්නත්,මිනි මරන්නත්,එක එකා කොටවන්නත්. ඒගැන කිසිම තර්කයක් නැහැ. නමුත් තමුසේ අර්තිකවිද්‍යාව ගැනනම් හෝඩියටවත් ගිහින් නැහැ.මෝඩයෝ..ඔය අයි එම් එෆ් මුදල් ( එකත් එක පාර ලැබෙන්නේ නැහැ ...හුණු බිජු වගේ මිලියන 300,400...වගේ අවුරුදු 4 කට දෙන්නේ ) වලින් කරන්නේ විදේශ විනිමය හිඟය අඩුකිරීමයි.එතකොට භාණ්ඩ සහ සේවාවන් විදේශයන්ගෙන් දැනට වඩා පහසුවෙන් ලබාගන්න පුළුවන්.එවිට මෙතෙක් කල් ඉල්ලුම අඩුකරලා තිබෙන ඩොලරයට අධික ඉල්ලුමක් ලැබෙනවා.ඉල්ලුම ලැබෙන්න ලැබෙන්න ඩොලරයේ අගය තව තවත් වැඩිවෙනවා. මේ අවුරුද්ද අවසානවනවිට ඩොලර් එකක් රුපියල් 500 කට ආවොත් මමනම් පුදුම වෙන්නේ නැහැ.මිනිමරලා, බැංකු කඩලා ..රටක් පාලනය කරන්න පුළුවන් මාෆියාවන්ට පමණයි.නමුත් රටක් දියුණු කරන්න හිතන මිනිහෙක් මුලින්ම හිතන්නේ තමන්ගේ ජනතාව ගැනයි.රනිල්ට ජනතාවක් නැත !!! ඔහු ජනතාව විසින් පයින් ගසා එලවපු හිඟන දේශකාපාලුවෙක් පමණයි.ජනතාවගේ විනිශ්චය ඉදිරියට ළඟදීම ඔහුව සොභාවධර්මයා විසින්ම පමුනුවාවී.
අන්තිම කාලයේ මු මරු කියවනවා !
ඇත්තටම පිස්සෙක් නෙමෙයි කියලා කාට හරි හිතෙනවද මේ කුණුහරප අහනකොට?? අර ආර්ථික ඔස්තාද් බන්දුල ගොබ්බයා මේවා ඇහෙනකොට හැංගෙනවා ඇති.. අමුඩත් නැතිව පාරෙ යන්න වෙයි කියලා
ලොකු තැන, ඩොලරයට සාපේක්ෂව රුපියල අඩුවෙන එක ගැන කතා කලාට, ඊට සාපේක්ෂව තෙල් මිල, ගෑස් මිල ඇතුළු අනෙකුත් ආනයනික භාණ්ඩවල මිල දෙගුණයකින් අඩුවිය යුතු බව මොකද නොකියන්නේ? රටේ ජනතාව හිඟන්නන් කරලා දිගටම බලයේ ඉන්නද සැලසුම් කරන්නේ.. අනික ඔය "මහලොකු රුපියල" බල්ලට දාන්න වෙන දවස වැඩි ඈතක නැහැ. ඒ නිසා, බුද්ධිමත් ජනතාව විදේශ මුදල් ඉතිරි කර ගැනීමට සැලසුම් කරගත යුතුයි. ඒ මුදල් හැමදාම ලෝකෙට වටිනවා..
හරකුන්ට පුන්නක්කු
තිබෙන ඩොලර් දැන්ම රුපියල් කර ගනිල්ලා. ඩොලරය රුපියල් 370 ගණන් වල තිබුන කාලේ නැග්ග බඩු මිල ඩොලර් එක රුපියල් 185 බැස්ස කියලා වෙළෙන්දෝ අඩු කරන්නේ නැහැ.
දවල්ද?
2015 දී ඩොලරය තිබුනෙ 151 ට. එදා සංවධන වෙගය 6% ක්ව තිබුන, සංචාරක කර්මන්තයෙන් හොද ආදායමක් ලැබුව, රටෙ කිසිම යුද්ධයක් තිබුනෙ නැති වෙලාවක තමා මෙයා බලයට ඇවිල්ල 2019 වෙනකොට එ සේම කනපිට පෙරලල ඩොලරය 183 කලෙ. සංවර්ධන වෙගය 2.3% ට බස්සුවෙ. අද මෙයා කියනව ඩොලරය 185 ට බස්සනව කියල , මොන විහිලුවක්ද ?
අපිත් එළුවාගේ අර මොකකක්ද එක දැන් වැටෙයි කියා බලා ඉන්න නරියා වගේ ඩොලරය වැටෙනකම් බලාගෙන ඉන්නවා.
බත් කන හරක් ඉන්න රටක මොන comments ද.
අපෙ රටෙ නිශ්පාදනය වෙඩි කිරිම අත්‍යවශ්‍ය කාරනයක්. අපෙ රටෙ නිශ්පාදනය සදහා සිය්ලුම හෙකියාවන් තියන අයට ඉඩ සලසා දෙන්න. රටෙ සියලු දෙනාට රැකියා හිගය අවසන් වී සාර්ථක අනාගතය කෙටි කාලෙකින් ලබා ගත හැකිය .හොර කම දුශනය නවතා දමා. ප්‍රසන්. රනතුන්ග. සනත් නිශාන්ත වැනි දේශපාලුවන් ඉවත් කර දේශපාලන ඉදිරි දැක්මක් ජනතා තුල විස්වාසයක් ඇතිවිය යුතුය රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපති තුමනි ඔබෙ ඉදිරි ගමන තිරනය වන්නෙ ඔබෙ තීන්දු තීරණ මතයි