
(කේ. බුද්ධික කුමාරසිරි)
අයිස් මත්දුව්‍ය කිලෝ හතරහමාරක් සහ හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් පුද්ගලයකු නවගමුව කොරතොට වැලිහිද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි හතරක් පමණ වන බවද පොලිසිය.
කුලී පදනම මත ලබා ගත් නිවසක් තුල මෙම මත්දුව්‍ය ජාවාරම සිදු කර ගෙන තිබූ බවද පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්යාංශයේ පොලිස් සැරයන් 22498 සුමිත් නිලධාරියට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd