IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


අයවැය හදන හැටි ජනපති කියයි

(අංජුල මහික වීරරත්න)

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගී කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ 2025 අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (21) පැවති පූර්ව සාකච්ඡාවට එක්වෙමිනි.

ඵලදායී  හා කාර්යක්ෂම ලෙස ආර්ථික ක්‍රියාවලිය මෙහෙය වීමේදී පොදු ප්‍රවාහනය විධිමත්  කිරීමේ වැදගත්කම මෙන්ම  විමධ්‍යගත මන්ත්‍රී  අරමුදල භාවිත කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි .

පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවේ මැදිහත් වීමේ ආකාරයද, පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ගද  මේ සාකච්ඡාවේදී සලකා බැලිණි.

පහුගිය රජයන් විමධ්‍යගත අරමුදලට විශාල මුදල් ප්‍රමාණ වෙන් කළද එම මුදල් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවා නොමැති බවත්, එම නිසා විමධ්‍යගත අරමුදලේ ප්‍රතිපාදන ජාතික ව්‍යාපෘතිවලට යොදා ගත හැකි අයුරින් වෙන් කිරීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක්විය.

වී මිල දී ගැනීම සඳහා සහල් නිෂ්පාදකයන්ට ලබා දෙන ණය මුදල් වසරක් ඇතුළත නැවත අය කර ගැනීමටත්, එම ව්‍යාපාරිකයන් සතුව තිබෙන සහල් තොග නියාමනය කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

ඉහළ ස්ථරයේ තිබෙන ආර්ථිකය පහළම ස්ථරය දක්වා විහිදී යන පරිදි ප්‍රසාරණය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලුම පළාත්වලට බෙදී යන ආර්ථික සැලසුමක් සකස් කිරීමේ වැදගත්කමද මෙහිදී සඳහන් කළේය.

දැනට පවතින සහනාධාර ලබා දෙන ක්‍රමවේද අඩුපාඩු සහිත බැවින් එම අඩුපාඩු හඳුනා ගනිමින්  සහනාධාර අවශ්‍ය ප්‍රජාව නිශ්චය කර ගැනීමේ හා  එම ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් විය.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශ ලේකම්, මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, නියෝජ්‍ය මහා භාණ්ඩාගාර ලේකම් ඒ.කේ.සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු නිලධාරී පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

අයවැය හදන හැටි ජනපති කියයි

පම්පෝරි ජනක Tuesday, 21 January 2025 06:11 PM

මොනවද ඉතින් සුපුරුදු පරිදි දුම්වැටි ,මාද්‍ය සාර ,රථවාහන වලට බද්ද වැඩිකරලා අයවැය පරතරය පියවගන්න බලනව ඇති

:       23       10

සුභාෂ් Wednesday, 22 January 2025 12:03 AM

සමාජවාදයෙන් දේශපාලනය ආරම්භ කරමින්, ධනවාදයේ උපරිමය තම ආර්ථික ප්‍රතිපත්තිය බවට මෙතුමා සිරසේ සටනේ දී මැනවින් ප්‍රදර්ශනය කරා. කිසිම වැඩපිලිවෙලක් නැහැ, බදු බදු බදු වෙන කිසිම වැඩ පිලිවෙලක් නැහැ...පුළුවන් එකෙක්ට මෙක කරන්න දීලා තඔුත්තේගමට ගිහින් ඉන්න මැතිතුමනි.

:       5       22

Nishan Wednesday, 22 January 2025 06:29 AM

තවත් එක කයිවාරුවක් තමයි.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 38 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site