
(අංජුල මහික වීරරත්න)
සියලු අසීරු අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ශක්තියක් දෙමින් කටයුතු කර ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ ප්‍රකාශයේ දී පැවසීය.
ජනාධිපති කාර්යාලයේ පැවති මෙම ඒකාබද්ධ ප්‍රකාශයේදී නරේන්ද්‍ර මෝදි මහතා මෙසේද කීය.
මම ලංකාවට පැමිණෙන හතර වෙනි වතාව.අග්‍රාමාත්‍යවරයා ලෙස මම අවසන් වරට ආවේ 2019 වසරේදී.ශ්‍රී ලංකාව ශක්තිමත්ව නැගී සිටිනු ඇතැයි මට විශ්වාසයක් තිබුණා.සැබෑ අසල්වැසියෙකු ලෙස අපට අපේ වගකීම් ඉටු කරන්නට හැකි වී තිබෙනවා.එය අපටත් සතුටක්.
කොරෝනා වසංගතය ,ත්‍රස්තවාදී ප්‍රහාර මෑතක ඇතිවූ ආර්ථික අර්බුදය සමයේදී අප හැමවිටම ශ්‍රී ලංකා ජනතාව සමග හිට ගත්තා.සියලු අසීරු අවස්ථා වලදී අප ශ්‍රී ලාංකික ජනතාව සමග කටයුතු කළා.
ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවට පැමිණීමෙන් පසු අපගේ හවුල්කාරීත්ව වැඩසටහනේ ඉතා හොඳ ප්‍රගතියක් ඇතිවුණා.
සාම්පූර් විදුලි බල ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඇති කරනවා.
එමෙන්ම ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය අනුර කුමාර ජනපති අතින් ලබන්නට හැකි වීම ගැන මා ඉතා සතුටට පත් වුණා.මේ සම්මානය මට ලොකු ආඩම්බරයක්.
ඒ පිළිබඳව රජයටත් ජනතාවටත් මගේ ගෞරවය පුදකරනවා යනුවෙන්ද මෝදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි මෝදි අගමැතිතුමනි, ඒත් ඔය කාලෙත් ඉන්දියාවෙන් ලැබුණු ආධාර භුක්ති විඳින ගමන් ඉන්දියාවට පහර ගැසීම් කළ කල්ලිය තමයි දැන් ආණ්ඩුවේ ඉන්නේත්...!
ඒ වගේම ලංකාවට වෙනත් රටවලින් ලැබුණු ආධාරත් ගසා කාපු දූශිත බලලෝබි බඩගොස්තරවාදී නායකයොත් නැතුව නෙවෙයි. .අවතැන් වූ අසරණයන්ට ලැබුණු සුනාමි ආදාර ගසාකාපු හිරේට යවන්ඩ ඕන එකා, රජගෙදරට යවපු රටක් වෙච්චි .?
ඒක නම් සම්පූර්ණ ඇත්ත... ශ්‍රී ලංකාවට අමාරුම කාලයක් වුනේ 30 වසරක් තිස්සේ පැවති කොටි ත්‍රස්ථවාදීන් ගේ ප්‍රහාර පැවති කාල වකවානුවයි. කොටින්ට, ඉන්දියානු කදවුරු, අවි ආයුධවලින් වලින් ඉතා හොඳින් සංග්‍රහ කර අපේ මව්බිම තුනෙන් දෙකක්ම කොටින්ගේ පාලනයට නතු කිරීමට ඉන්දීය රජය, ශ්‍රී ලංකාවට උදව් උපකාර කරපු හැටි නොදන්නවා නම්, ඒ ලගදී උපත ලබූ දරුවන් පමණි.... ඉන් පස්සෙ, ඉන්දියාව ශ්‍රී ලංකාවට කරපු අතිවිශාල තම උදව්වක් තමා... උඩින් හෙලපු "කාපල්ලා පරිප්පු" සංග්‍රහය !!!! සිහි මදි මොඩයන්ට ඒවා අමතක ඇති... නමුදු ඒවා අපට අමතක නැත !!!