(සුජිත් හේවාජුලිගේ)
පාරිසරික වශයෙන් වැදගත් භූමි භාගයක් ලෙස සැලකෙන ගම්පොළ අම්බලුවාව ජෛව විවිධත්ව කලාපයේ අලුතින් ඉදිකිරීම් මධ්‍යම පරිසර අධිකාරිය විසින් තහනම් කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අප පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම සංකීර්ණයේ අනවසර ඉදිකිරීම් ගණනාවක් කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු මෙම පියවර ගත් බවයි.
එසේම මෙම සංකීර්ණයේ විවිධ දුෂණ අක්‍රමිකතා රැසක් කාලයක් තිස්සේ සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඒ සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අම්බුලුවාව කලාපයේ පසුගිය කාලයේදී රුපියල් කෝටි විස්සකට ආසන්න දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකින්ද තොරතුරු අනාවරණය කෙරිණ.
අම්බුලුවාව කන්ද සහ යාබද වනාන්තරය රක්ෂිතයක් ලෙස ගැසට් කරනු ලැබ ඇති පාරිසරික වශයෙන් වැදගත් භූමි භාගයකි.
මෙම කලාපයේ අනවසර ඉදිකිරීම් සිදුකිරීමෙන් නායයෑම් ඇතුළු විවිධ පරිසර හානි සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පවුලේ උරුමයට අත තියන්න එපා හොඳේ!
අම්බුලුවාව විනාශ වෙන තැනට වැඩ සිද්ද කෙරුවේ හිටපු අගමැතියා...
හැමෝටම ඕන බිස්නස් කරන්න. රටක් දියුණු වෙන්න නම් මිනිසුන්ගේ දක්ෂතා තියෙන්න ඕනේ. කඩ දාගෙන, තිවීල් පැද්දට රටක් දියුණු වෙන්නේ නැහැ