IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අම්පාරෙන් අ‘පුර යුගයට අයත් පුරාවස්තු රැසක් මතුවෙයි

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර, එරගම මානික්මඩු පුරාණ රජමහා විහාරයේ ඓතිහාසික චෛත්‍යෙය් කැණිම් කටයුතුවලදී  අනුරාධපුර  මුල් යුගයට අයත් පුරා වස්තු රාශියක් හමුව ඇතැයි පුරා විද්‍යා දෙපාතමේන්තුව කියයි.

මෙම දිනවල මෙහි කැණිම් සිදු වන අතර , පුරා වස්තු රාශියක් හමුවෙමින් පවති.

මේ වෙනවිට මැටියෙන් කරන ලද කොත් කැරැල්ලක් , පබලු, කුඩා මැටියෙන් කරන ලද කරඩුවක් ,වාමන රුපයක්, පහනක් ඉපැරුණි ගඩොල් වලං කැබැලි. යකඩ ඇන   ආදිය හමුවි තිබේ.

දැනට කැණිම් කරන ලද ප්‍රමණය අනුව අනුරාධපුර මුල්යුගයේ ඉදිකරන  චෛත්‍යක් බවට සාධක ඇති බව පුරාවිද්‍යා කැණිම් භාර නිළධාරි ප්‍රසන්න සුභසිංහ මහතා පවසයි.

දිඝවාපි චෛත්‍යට යන මාර්ගයේ මෙම විහාරස්ථාන පිහිටා තිබේ සද්ධාතිස්ස රජ සමයේ දිඝවාපිය ආරම්භ කරන කාලයේ ඒ අවට තවත්  පරිවාර චෛත්‍යය  කිහිපයත් ඉදිකර ඒව නටබුන්ව පවති.

ඉන් එක් පිරිවාර චෛත්‍යක් ලෙස මාණික්කමඩු දීඝවාපි පරිවාර චෛත්‍යය හැදින්විය හැකිය. තවත් සති දෙකක කාලයක් පමණ මෙම කැනිම් කිරිමෙන් අනතුරුව මෙම චෛත්‍යය සංරක්ෂණය  කිරිමට සැලසුම් කර තිබේ.



අදහස් (3)

අම්පාරෙන් අ‘පුර යුගයට අයත් පුරාවස්තු රැසක් මතුවෙයි

පන්සිළු Sunday, 20 July 2025 02:22 PM

වර්ථමාන පාලකයින්ට ඉතිහාසය ගෙඩගන්න නොවේ වලදාන්නයි ඕනෑ. ඒ නිසා පරිස්සමෙන්...

:       26       75

Kapila Sunday, 20 July 2025 03:10 PM

කලකට පෙර දීඝවාපි අවට ඩෝසර් කරන ලද චෛත්‍ය සියල්ල නැවත පිළිසකර කරන්න....

:       0       27

රුවන් Sunday, 20 July 2025 11:47 PM

පින්සිළුගේ මාමා සජිත්, මහින්ද නම් දන්නවා ඉතිහාසය ගොඩ අරන් එකෙන් ඩොලර් මිලියන ගානක් හොයපු විදි. හෙට අනිද්දා හම්බවෙයි. මතකනේ කෙහෙළිය ගාවත් තිබ්බ පෞරාණික පුරා වස්තු ටික. ඇමතිලා ගාව තියෙනවා ඒවා එකතු කරලා වෙනම කෞතුකාගාරයක් දාන්න පුළුවන්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 739 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site