IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


අභයගිරියේ කැණිම්වලින් දුර්ලභ ඛනිජ රැසක් හමුවෙයි

(උපුල් හේරත්)

සියවස් දහයකට අධික කාලයක් මුළුල්ලේ පිළිසකර නොකර තිබූ අභයගිරිය චෛත්‍යයේ නැගෙනහිර පොකුණෙහි  සිදු කරන  කැණීම්වලින් ඉතාමත්ම දුර්ලභ ගණයේ  ඛනිජ වර්ග රැසක් හමුවී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.

අභයගිරිය චෛත්‍යයේ සිදු කරන මෙම  කැණීම් වලින් කනේලියන්,ඇගේටි,අගස්ථි ,පලිඟු,වැනි දුර්ලභ ගණයේ කණිජ සම්පත් හා ඉතාමත්ම පැරණි සරස්වතී කාසි, හා පබළු විශේෂ රැසක් හමුවී ඇති බව එහි කාර්ය මණ්ඩලය කියයි.

එම ඓතිහාසික පුරාවස්තූන් ආරක්ෂා කර ගැනීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෞතුකාගාරයට භාරදී ඇති බව එම නිලධාරි මණ්ඩලය කියා සිටියේය. මෙම කැණීම් සිදු කරන පරිශ්‍රය තුළ පියගැට පෙළක් හා මණ්ඩපයක් පිහිටා තිබීම ද විශේෂත්වයක් බව එම කාර්ය මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දෙති.

ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ පමණ ඉදි කරන්නට ඇතැයි අනුමාන කරන මෙම අභයගිරි චෛත්‍යයේ නැගෙනහිර  පොකුණ විවිධ ආක්‍රමණ වලින් හෝ  කාලයාගේ ඇවෑමෙන් වැසී ගොස් ඇතැයි පවසන මාධ්‍යම සංස්කෘතික අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ 1982 වර්ෂයේදී මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් සොයා ගන්නා ලදයිි කියන මෙම පොකුණ පිළිසකර කිරීමට 2025 වර්ෂයේ මාර්තු 21 ක් මට දින එහි වැඩකටයුතු ආරම්භ කළ බවයි. 

ස්වභාවික  විලක් ලෙසින් පවතින්නට ඇතැයි කියන මෙම ස්ථානය එකල පොකුණක් බවට පරිවර්තනය කරන්නට ඇති බව පුරාවිද්‍යාඥයෝ අනුමාන කරයි. මෙම කැණීම්වලදී ඉතාමත්ම අගනා ඛනිජ සම්පත් රැසක් හමුව ඇති අතර, එය සංරක්ෂණය කරන බවත් වෙනත් කිසිදු ස්ථානයකින් එවැනි ඛනිජ සම්පත් හමු නොවුනු බව කැණීම් සිදු කරන නිලධාරින් අවධාරණය කරයි.



අදහස් (4)

අභයගිරියේ කැණිම්වලින් දුර්ලභ ඛනිජ රැසක් හමුවෙයි

Bandara Friday, 03 October 2025 12:08 PM

කටුගෙට ගියායින් පස්සේ ඔරිගීනල් බඩු මාකට් වෙලා දුප්ප්ලිකෙට් ඉතිටිවෙයිද මන්ද?

:       3       20

ජයනාත් Friday, 03 October 2025 06:46 PM

අනුරාධපුර ,පොලොන්නරුව නටඹුන් තව දුරටත් කැණීම් කරනවා නම් විශාල, නොදන්නා තොරතුරු රාශියක් සොයාගත හැකි වේවි. සඳකඩ පහන ළඟ තාර දාපු පාර ඉවත් කරලා කරපු කැණීම්වල වැදගත්කම දකින්න ඇති නේද?

:       0       0

ආර් එම් හීන්බන්ඩාර Sunday, 05 October 2025 08:10 AM

ජයවේවා පුරාවස්තූන්වල චායාරූප පලකරනවානම්, අපිට යම් දැනුමක් ලබාගත හැකි බවත් එහි වටිනාකම ඉහල යනු ඇතැයි මගේ හැගීමයි

:       0       0

Thiruni Sunday, 05 October 2025 10:11 PM

අභයගිරිය නැගෙනහිර පොකුණු කැණීම.. හරිම ලස්සන සුන්දර මතක එකතු වුණු අමතක නොවන කාලයක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1711 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site