IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


’’අපි කවදාවත් පැළවෙන මුල් ගල් තියන්නේ නෑ’’

(අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවේග ආණ්ඩුව කිසිවිටක පැළවෙන මුල්ගල් තියන්නේ නැති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ හම්බන්තොට බඳගිරිය කොලණිය උප තැපැල් කාර්යාල නව ගොඩනැගිල්ල රුපියල් මිලියන 4.23 ක පිරිවැයක් යටතේ ඉදිකිරීම සඳහා  මුල්ගල තැබීමෙන් අනතුරුවයි.

වසර 60 කට වඩා පැරණි කඩාවැටුන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වෙනුවට මෙම නවීන පහසුකම් සහිත නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිවීමත් සමග ගොවිජනපද වලින් යුත් තම්මැන්නාව, දිවුලගමුව, පල්ලෙමළල, වැලිගත්ත වැනි අවට ගම්මාන රැසක ජනතාවට පහසුවෙන් නවීන සන්නිවේදන තැපැල් සේවාවන් සළසා ගත හැකි වන බව මෙහිදී අමාත්‍යවරයා කීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත මේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.



අදහස් (4)

’’අපි කවදාවත් පැළවෙන මුල් ගල් තියන්නේ නෑ’’

ගමේ එකාලා Saturday, 20 September 2025 04:13 PM

හිටපු දූෂිත දේසපාලුවෝ කෙරුවේ ගල තියලා .ගලේ බලෙන් ගසා කාපු එක. ආසියවේ ආස්චර්‍ය පෙන්වපු හැටි ගැනත් රටම දන්නවා.

:       2       0

sugath Sunday, 21 September 2025 07:09 AM

අනිවාර්යෙන්ම. අපි මුල්ගල් තියන්නේ දෙවැනි තට්ටුවේ..

:       2       4

ගුණරත්න Sunday, 21 September 2025 08:14 AM

යා යා යා, අතින් වියදන් කරලා නැත්තන් පැලවත්තේ අරමුදලෙන් වියදන් කරලා තමා මේවා හදන්නේ. නැතිව දැන් උද්ඝෝෂණය කරලා ව්‍යාපෘති නවත්තන්න එකෙකුත් නැහැනේ...

:       2       3

සමන් විමල් Sunday, 21 September 2025 02:25 PM

අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙනවා විතරයි .

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site