
(අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් අද පැවසීය.
කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී මෙය පැවැත්විණි.
" ලොව දිනන ජවයක්- අපරාජිත ගමනක්" යන තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සංවත්සර උත්සවයට විශාල ජනතාවයක් සහභාගී වූහ.
"එය වේදනාවෙන් පිරුණු ඉතිහාසයක්.ශාරීරික වශයෙන් අතිශය වේදනාවට ලක් වූ ඉතිහාසයක් තිබෙනවා.එමෙන්ම මානසික වශයෙන්ද අතිශය වේදනා දුන් ඉතිහාසයක් තිබෙනවා.ඒ ඉතිහාසය සමඟ අඛණ්ඩ සබඳතාවයක් තිබෙන බොහෝ සහෝදර සහෝදරියන් මොහොතක් හෝ ඉකි ගසා හඬා තිබෙනවා
අප නව පරිච්ඡේදය ලියමින් තිබෙන්නේ ඉතිහාසයේ අඛණ්ඩතාවයේ පරිච්ඡේදය මිසක් ඒ ඉතිහාසයෙන් ගිලිහුණු පරිච්ඡේදයක් නොවන බව හැමදෙනාම මතක තබා ගත යුතුයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසයේ පක්ෂය වෙනුවෙන් වද වේදනාවන්ට මුහුණ දුන්නා මෙන්ම ජීවිතය පරිත්‍යාග කළ සොහොයුර සොහොයුරියන්ට යුක්තිය ඉටු කරන්න කාලය එළැඹිලා තිබෙනවා. වර්තමාන නායකත්වයේ කරමතයි... ඒ වගකීම පැවැරිලා තිබෙන්නේ, ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට වේදැයි රටවැසියන් බලා සිටින බවද මතක්කර දෙමි...
මොවුන්ගේ කටයුතු නිසාද, අදත් ඉකිගසන තවත් අය ඉන්නවා.
ජ.වි.පෙ. දැන් නැත. ඒ නිසා බොරුවට තරුණ කොටස්වල මොළ ඔද්දල් කරලා ඔවුන් රටක්, ජාතියක් ආගමක් නැති දේශපාලනයක් පමණක් ඇති හිස් මිනිසුන් බවට පත් කිරීමෙන් වළකින්න. හුදෙක් පළිගැනිමේ චේතනාව ඊර්ෂ්‍යාව, කුහකකම සහ තම මතය පමණක් හරිය අන් සියලු දෙනා මෝඩ මිනිසුන්ය කියන අඳබාල සංකල්ප වලින් මිදෙන්න.
පසුගිය 60 වසර පුරා ඔබතුමන්ලා විසින් මේ රටට කළ හානිය සුලුපටු නැහැ. රටට තාමත් හඬන්නට සිදුව ඇත්තේ මූලික වශයෙන් ඔබේ පක්ෂයේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙනි.
රටේ දේශපාලනයේ නව පෙරලිය, දුෂණයෙන් තොර පාලනය දරාගන්න බැරි හාමුලගේ කටුකන නරි කොමෙන්ටු දාන්න පටන් ගෙන ඇති බව පේනවා පින්වතුනි
රට කාපු පක්ෂයක් මේක, ආණ්ඩු බලය නොතිබ්බාට උන් කරපු විනාශය දෙවැනි වන්නේ කොටි ත්‍රස්තවාදීන් කරපු විනාශයට පමණයි.
60 වසරක සැමරීමක් තිබුනේ නෑ — තිබුණේ සුපුරුදු දේශපාලන රැස්වීමක් පමණයි. එකම කතාව ජනතාවට දැන් කට පාඩම්