
(ගයාන් සූරියආරච්චි)
මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ කණ්ඩායමක් ආයුධ සන්නද්ධ කණ්ඩායම්වල දැඩි තර්ජනයට ලක්ව ඇති ඔබෝ ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී අප්‍රිකානු සෙබලුන් 14 දෙනකු බේරාගෙන ඇති බව ගුවන් හමුදාව පවසයි.
Mi-17 හෙලිකොප්ටරයක් මගින් එම සෙබලුන් 14 දෙනා ඉකුත් (31) දින නිරුපද්‍රිතව බේරාගෙන බම්බෝටි ප්‍රදේශයේ ස්ථාපිත තාවකාලික මෙහෙයුම් කදවුරක් වෙත ආරක්ෂිතව රැගෙන යනු ලැබීය.
හෙලිකොප්ටර් යානය ගොඩ බෑම සිදුකළ අවස්ථාවේදී ඒ.ඒ.කේ.ජී. ආයුධ සන්නද්ධ කණ්ඩායම් ඔබෝ ප්‍රදේශයේ කඳවුරට සහ හෙලිකොප්ටර් යානයට තර්ජන එල්ල කළ අතර එහිදී කඳවුරේ ආරක්ෂාව යටතේ වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන නියමු විංග් කමාන්ඩර් නුරාන් පෙරේරා ඇතුළු නිලධාරීහු එම සෙබලුන් පිරිස ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යමට කටයුතු කළහ.
මෙම මෙහෙයුමට ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ෂෆ්රිඩ් ඉක්බාල් සහායක නියමු නිළධාරී ලෙසත්, ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ප්‍රවීන් රත්නායක පියාසර ඉංජිනේරු නිළධාරී ලෙස කටයුතු කළහ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් තවදුරටත් මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල සාර්ථකව නිරත වන බවද ගුවන් හමුදාව පවසයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.