
(අංජුල මහික වීරරත්න)
අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.
2025 ලංකාවේ වැඩිම අපනයන ආදායම ලබන වසර බවට පත් කරන බව කී ජනාධිපතිවරයා ලෝකයේ බලවත් රාජ්‍යයන් ඔවුන්ගේ ආර්ථිකයන් ගැන සිතා ගන්නා තීන්දු වලින් බිඳ නොවැටෙන දේශීය ආර්ථිකයක් ගොඩනඟන බව අවධාරණය කළේය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැලිය පැවැත්විණි.
එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
2019 මැතිවරණයේදී 3%ක තිබූ දේශපාලන ව්‍යාපාරයක් ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාව සහිත පාර්ලිමේන්තුවක් සහ ආණ්ඩුවක් හදන තැනට මේ රටේ ජනතාව විශ්වාස කළා. ඒ වගේම 2019දී ලක්ෂ 69ක් ලබා ගත් දේශපාලන ව්‍යාපාරය 2.5%ට පහතට ඇද දැමුවා.
මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. දීර්ඝ කාලයක් පුරා ආණ්ඩු හදපු සහ ආණ්ඩු කරපු එක්සත් ජාතික පක්ෂයට ඡන්ද පත්‍රිකාවේ ලකුණක් නැති තරමට පහතට වැටුණා. අපේ රටේ ජනතාව විශාලතම දේශපාලන තීන්දුවක් සහ හැරවුමක් ගනු ලැබුවා.



COMMENTS
මිනීමරනවා. පාතාලය රට අල්ලලා... ඔබතුමා අපේ ආරක්ෂාව ගැන සහතිකයක් දෙන්න. එල්ලුම් ගහ ගේන්න. පාතාලයට ඇප දෙන්න එපා.
ඒකටද මේ කියන තරමක් කෙබර ඇද බාලා මිනිස්සු රැවටුවේ.
රටේම ජනතාව මේ වතාවටත් මාලිමාවට තමයි....
පච මැෂිම
නීල් ඔයා වගේ ගවයින් තව ඉන්නවා.
පේනවනේ පච සිංහ සෙයියාව...