
(ක්‍රීෂාන්ත බාලසූරිය)
කහටගස්දිගිලිය, කෝන්වැව පඬරුල්ලාව ප්‍රදේශයේ යාං ඔය හරහා ඉදිකර තිබූ පූර්ව ඓතිහාසික මෙගලිතික යුගයට (Megalithic Era) අයත් බවට සැලකෙන අතිශය දුර්ලභ ගල් පාලමක් බැකෝ යන්ත්‍ර යොදාගනිමින් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා අතැයි හොරොව්පොතාන පුරාවිද්‍යා කාර්යාලය කියයි.
වසර දහස් ගණනක් පැරණි දේශීය ඉංජිනේරු ශිල්පයේ සුවිශේෂී සලකුණක් වූ මෙම පෞරාණික ස්මාරකය මෙලෙස ගලවා විනාශ කිරීම සම්බන්ධයෙන් කහටගස්දිගිලිය සහ හොරොව්පොතාන ප්‍රදේශ භාර පුරාවිද්‍යා නිලධාරිනිය පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.
එම පැමිණිල්ලට අනුව, මෙම විනාශය සිදුව ඇත්තේ යාං ඔය ප්‍රතිසංස්කරණය කිරීමේ රජයේ සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතියක් යටතේය.
හුරුලුවැව, ඇල්ලපතාන සහ ඉලූක්වැව අමුණු ඇතුළු කුඩා වැව් වාන්දැමීම හේතුවෙන් යාං ඔය දෙපස ඉඩම්, දේපළ මෙන්ම ජන ජීවිතවලට සිදුවන දරුණු ගංවතුර හානි අවම කර ගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ගොම් බූරු සංවර්ධනයක්ද? ඉතිහාසයම මකා දාන්න කො?
බලයෙන් ඔලුව ඉදිමුනු දේශපාලකයන් කරන මෝඩ මුග්ධ වැඩ මේ ආන්ඩුව යටතෙ වැඩිවෙලා මිසක් අඩුවක් නැහැ. මේ අයට කොහොමත් රටේ ඉතිහාසය ඇලජික්. NGO වලින් යැපුනු අයගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
ඔය කතාව අල්ලාගෙන සැලසුම්කල ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධා වෙයිද? පේරාදෙණිය දුම්රිය පාලමටත් පුරාවිද්‍යාව හරස් වෙලා.ජීවත්වන ජනතාව වෙනුවෙන් කටයුතුවලට මුල්තැන දීම ඉතිහාසය හෝ පුරාවිද්‍යවට වඩා වැදගත් නේද?
මාඕ සේතුං කාලේ පරණ දේවල් 4ක් අතාරිමු කියලා අවුරුදු දාස් ගාණක් දිග ඉතිහාසයක් වනසලා දැම්මා, මාඕගේ ගෝලයෝ ටිකත් එකම තමයි මේ රටේ කරන්නේ.