IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අ‘පුර නුවර වැවේ-තිසා වැවේ ජල කාන්දුවක්

 

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර පිහිටි ප්‍රධාන ජලාශ දෙකක් වන නුවර වැවේ  හා තිසා වැවේ  සුළු ජල කාන්දුවක් සිදුවෙමින් පවතින බවට නිරික්ෂණය වි ඇතැයි  වාරිමාර්ග අධ්‍යක්ෂ   ජනරාල්   ඉංජිනේරු  අජිත් ගුණසේකර මහතා කියයි.

වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව වසා දමා තිබෙන අනුරාධපුර ඓතිහාසික නුවර වැවේ  වැව් බැම්මට ප්‍රවිෂ්ට වෙන මාර්ගය විවෘත කරදෙන  ලෙසට අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්විමේදි පසුගියදා උතුරු මැද පලාත්  වාණිජ හා කෘෂිකර්ම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් බී දිසානායක මහතා කළ ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රධාන අමාත්‍යාංශයේ  ලේකම්වරයාටද  මේ බව ලිඛිතව දැනුම්දී ඇතැයි කියයි.

අනුරාධපුර නගරය ආසන්නයේ තිබෙන විශාල වැව් දෙකක් වන නුවරවැව හා තිසාවැවේ වැව් බැමි  කිසියම් අවස්ථාවක    බිඳී යාමක් සිදුවුව හොත්  සිදුවන විනාශය වලක්වා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිරන්තරයෙන්  කැපවී සිටින බවද ඒ මහතා කියයි.

නමුත් ජලාශ බැම්මේ මුදුනත පටු බැවින් එහි වාහන ගමනාගමනය කිරීමෙන් වැව් බැම්මට හා එම වාහනවලටද කිසියම් අනතුරක් සිදුවීමට ඉඩ තිබෙන බවත් ඒමහතා අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කළ ලිපියේ ද සදහන් වෙයි.

 

 

 



අදහස් (0)

අ‘පුර නුවර වැවේ-තිසා වැවේ ජල කාන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site