IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අපරාධ රාජ්‍යයක තිත්ත ඇත්ත ජනපති හෙළි කරයි

(අංජුල මහික වීරරත්න)

මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් මාසයක් ගානේ මුදල් එකතු කළ මන්ත්‍රීවරුන් ගැන ඔවුන් හෙළිදරව් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

බදු මුදල් එකතු කරන්නා සේ මාසයක් ගානේ අපරාධ කරුවන්ගේ නිවෙස් වලට ගොස් මන්ත්‍රීවරුන් මෙලෙස මුදල් එකතු කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

සමහර ඇමතිවරු මාස් පතා මෙම අපරාධ කරුවන් ගෙදරට ගෙන්නා ගෙන තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා වැඩ ඇරැඹීමේ උත්සවය අද (17)අමතමිනි.

මෙම සංවිධානාත්මක අපරාධ කල්හි මතුපිටින් තිබෙන රාජ්‍ය හා සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කර තිබූ බව කී ජනාධිපතිවරයා රටෙි නීත්‍යනුකූල  හමුදාව විසින් ඔවුන්ට අවි ආයුධ ලබා දී  ඇති බව අනාවරණය කළේය.

"කුඩු මැඩ පැවැත්වීම සඳහා සිටින පොලිසිය විසින් ඒ අපරාධකරුවන්ගේ කුඩු ප්‍රවාහනය කළා.අපරාධ මැඩ පැවැත්වීමට ප්‍රතිපත්තියමය එකඟතාවයක් තිබෙන දේශපාලන අධිකාරිය විසින් ඔවුන්ට රැකවරණය ලබා දුන්නා.නීති විරෝධී පාස්පෝට් වැලැක්වීමට සිටින ආගමන විගමන දෙපාර්තමේන්තුව  විසින් ඔවුනට පාස්පෝට් හදා දී තිබුණා.නීත්‍යානුකූලව මෝටර් රථ ලියාපදිංචි කිරීමට තිබෙන  ආයතනය විසින් ඔවුන්ට මෝටර් රථ ලියාපදිංචි කරදී තිබුණා.

එමෙන්ම ඔවුන්ට එම ආයතන විසින් නීතියේ රැකවරණ ද ලබා දී තිබුණා" යනුවෙන් ද ජනාධිපතිවරයා එහිදී කීය.



අදහස් (0)

අපරාධ රාජ්‍යයක තිත්ත ඇත්ත ජනපති හෙළි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31148 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site