
(ටී.කේ.ජී.කපිල )
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත් අඩංගුවට ගැනීම සදහා සහාය දුන් ඉන්දුනීසියානු පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිස ද , කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් රැගෙන ආ ගුවන් යානයෙන්ම ඊයේ (30) රාත්‍රී පැමිණ තිබූ අතර එහිදී ඔවුන් ගුවන් යානයෙන් බසිත්ම මල් මාළ දමා පිළි ගනිමින් සමරු තිළිණ පිරිනැමීමට ද පියවර ගෙන තිබුණි .
මෙම ඇගැයීම් සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල , පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය , පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ , පොලිස් විශේෂ කාර්යය බළකායේ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ .
මෙම ඇගැයීම් උත්සවය කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා සිදු කිරීමට පියවර ගෙන තිබුණි




2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපරාධකරුවන් ඇල්ලූ ඉන්දුනිසියානු පොලීසියට උපහාර
රනේ Sunday, 31 August 2025 03:23 PM
අපේ මහත්වරු ගියේ මෙන්න මේ වැඩේට. නැතුව හොර තක්කඩි ගේනවට නෙමේ.
සෑම් Sunday, 31 August 2025 03:52 PM
අපරාධ කරුවන් අල්ලා ගැනීමට සහාය ලබාදුන් ඉන්දුනීසියානු පොලීසියට සමස්ත ශ්‍රී ලංකික ජනතාවගේ උත්තමාචාරය අපි පිරිනමමු. ඒ වගේම ජනාධිපතිතුමා ඇතුළු මහජන ආරක්ෂක ඇමති, පොලිස්පති, මෙහෙයුමට කෙලින්ම සම්බන්ධවුණු දක්ෂ පොලිස් නිලධාරීන් සියළු දෙනාටත් සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රණාමය මෙයින් පුද කරමු...
අරවින්ද මොණරවිල Monday, 01 September 2025 02:16 PM
රාජපක්ෂලාගේ කාලයේ නම් ඒ ක්‍රෙඩිට් එකත් මහින්ද හරි ගෝඨා හරි එහෙම නැත්නම් නාමල් හරි ගන්නවා. එතකොට අලුත් නමකුත් පටබැදෙයි රණවිරුවා, රට විරුවා වගේ පාතාල විරුවා කියලා...