IMG-LOGO

අපනයන වෙළෙඳපොළ ජයගන්න දිගු කාලීන සැලැස්මක්

(අංජුල මහික වීරරත්න)

අපනයන අභියෝග ජයගැනීම සඳහා දිගුකාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් සකස් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැති සාකච්ඡාවේදී  ජනාධිපතිවරයා මේ බව කීය. 

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී දේශීය නිෂ්පාදනය ශක්තිමත් කර ගනිමින් අපනයනය ප්‍රමුඛ කර ගත් නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු වීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

එමෙන්ම එහිදී මතුව ඇති අභියෝග ජයගැනීම සඳහා දිගුකාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් සකස් කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි. 

අපනයන ක්ෂේත්‍රයේ උන්නතියට ගත යුතු පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ යෝජනා සහ සැලසුම්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි. 

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

අපනයන වෙළෙඳපොළ ජයගන්න දිගු කාලීන සැලැස්මක්

යෝගා Wednesday, 28 May 2025 01:42 PM

ජෙප්පන්ට මුල ඉඳලාම දිගුකාලීන සැලැස්මක් තිබුණා. ඒකයි සෑම කර්මාන්ත ශාලාවකම කඩාකප්පල්කාරී වෘත්තීය සමිති පිහිටෙව්වේ...

:       5       10

සෙනෙ Wednesday, 28 May 2025 03:26 PM

මේ ඈයෝ නේද මයික් පැලුවේ ' අපට හැම දේටම වැඩපිළිවෙළක් තියනවා' කියා.

:       1       3

රම්බොඩ Wednesday, 28 May 2025 03:11 PM

කතාව හඳ අල්ලන්න. රට ඇතුළේ තියෙන කර්මාන්ත ශාලාත් වැහෙනවා. බදු ගෙවලා ලයිට් බිල ගෙව්ව‍ාම පඩි ගෙවාගන්න විදිහක් නෑ. අයිතිකාරයින් ඒවා වහලා දානවා...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site