IMG-LOGO

අපනයනයේ 162කට හොර පාරේ දීමනා: වියදම කෝටියක්

(සුජිත් හේවාජුලිගේ)

අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රවාහන දීමනා හිමිකම් නොමැති  සේවකයන් එකසිය හැට දෙදෙනෙකුට ප්‍රවාහන දීමනා වශයෙන් එක්කෝටි තිස්නව  ලක්ෂයක් 2023 වසරේ දී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම  වාර්තාවක සඳහන්වේ.

ප්‍රවාහන දීමනා හිමිකම නොමැති පීඑල්, එම්.ඒ සහ  ජේඑම් කාණ්ඩවල සේවකයන් 162කට මෙසේ ප්‍රවාහන දීමනා ගෙවා ඇති බව එම වාර්තාවේ දැක්වේ.

එසේම කාර්ය මණ්ඩල සේවකයන් සඳහා එම වර්ෂයේදී  රුපියල් හාර කෝටියකට වැඩි ණය ලබාදී ඇති බවද ජාතික විගණන කාර්යාලය පවසයි.

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය  සියයට 4.2 ක පොලී අනුපාතිකයක් යටතේ මෙලෙස ණය  ලබාදී ඇති බව සඳහන්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ අපනයන සංවර්ධන මණ්ඩලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය. මෙම වාර්ෂික වාර්තාව පසුගිය 20  වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.



අදහස් (0)

අපනයනයේ 162කට හොර පාරේ දීමනා: වියදම කෝටියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site