
(අංජුල මහික වීරරත්න)
නායයෑම් සහ නායයෑමේ අධි අවදානම හේතුවෙන් පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීම සඳහා ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නායයෑම් සහ නාය යෑමේ අධි අවදානම් හේතුවෙන් සිය පදිංචි ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක පදිංචි කළ යුතු පවුල් හඳුනාගෙන නැවත පදිංචි කිරීමේ වැඩසටහන ප්‍රතිලාභියා විසින් නිවස ඉදිකර ගැනීමේ ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.
එම වැඩසටහන යටතේ එක් නිවසක් ඉදිකිරීම සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 1.6 ක මුදලක් හඳුනාගනු ලබන ප්‍රතිලාභි පවුලක් සඳහා ලබා දෙන අතර, එම මුදල එක් නිවසක් සඳහා රුපියල් මිලියන 2.5 දක්වා ඉහළ නැංවීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් කෝටියක් නේද දෙනවා කීවේ දැන් මොකෝ 1/4ක් වෙලා . { කෝටිය ලක්ශ 100 යි මිලියන් 2.5 ලක්ශ 25යි } සැබෑම වෙනසක් නොවැ .
ලක්ශ 10 දෙන්න මිනිස්සුන්ව වටේ යවපු එවුන් දැන් 20 දෙනවාලු. මොවුන් නම් පුදුම ජීවී කොට්ඨාශයක්...
ඔය දෙන ගාණත් නොදී ඉන්නවා හැර මොනවාද මේ කරන මෝඩ වැඩ..? මොවුන්ව හිඟන මට්ටමේම තියපුවාම තමයි ජනාධිපතිලාට රජාලා වගේ හැසිරෙන්න පුළුවන් වෙන්නේ... ඔය පිනට දෙන සල්ලි පේන්න උස බිල්ඩිමක් ගහන්න. එතකොට තමයි මේ හිඟන්නෝ, ඒවා දිහා බලලා උද්දාමයට පත්වෙන්නේ. අර හිටපු ජනාධිපති සිරිසේනටත් වුනේ, බදු මිල, තෙල් මිල ඕනෑවටත් වඩා අඩුකළා.. අන්තිමේ මොවුන්ට කාලා වැඩිවෙලා තෙල දාලා ඕනෑවටත් වඩා උඩ පැන්නා.... අඩුවට කාපු කොත්තුවටත් කිව්වේ "වඳ කොත්තු" කියලා...ඕනෑවට වඩා හොඳ වෙද්දී, අපේ රටේ එවුන් ගරු කරන්නේ නැහැ... අර සාටකයක් වගේ එකක් එහෙම නැත්නම්, නිතරම ටයි කරපටියක් එහෙම දාලා හිටියා නම්, අපේ එවුන් හතර ගාතෙන් වැඳ වැටෙනවා.
ආණ්ඩුවට කඩේ යන්න එපා ඔයා තරම්... හරියට යුරෝපේ ආන්ඩුවක් වගේ ජනතාවට දෙන සහන විතරයි...