IMG-LOGO

අපට අලුත් සඳක් ලැබෙන්නයි යන්නේ

පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි ද තාරකා විද්‍යාඥයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.

මෙම අලුත් සඳ එසේත් නැතිනම් චන්ද්‍රයා, මීටර් 10 ක් පළල ග්‍රහකයකි. විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ 2024 PT5 යන නමිනි. විද්‍යාඥයන් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ පසුගිය අගෝස්තු 7 වැනිදාය. ග්‍රහකය මේ වනවිට පෘථිවිය දෙසට පැමිණෙමින් ඇත.

ග්‍රහක හෙවත් ඇස්ට්‍රොයිඩ අභ්‍යවකාශයේ සැරිසරයි. සමහර ඒවා මීටරයකට වඩා ප්‍රමාණයෙන් කුඩාය. සමහර ඒවා කිලෝ මීටර් දහස් ගණනක් විශාලය. ග්‍රහක හෙවත් ඇස්ට්‍රොයිඩ පෘථිවිය දෙසට පැමිණීම අරුමයක් නොවෙයි. දැවැන්ත ග්‍රහක බොහොමයක් පෘථිවිය පසු කර යයි. ඇතැම් කුඩා ග්‍රහක පෘථිවි වායු ගෝලයට ඇතුළු වී දැවී විනාශ වෙයි.

මේ 2024 PT5 ග්‍රහකය පෘථිවිය අසලින් යද්දී, එය පෘථිවියේ ගුරුත්වාකර්ශන බලයට හසුවනු ඇතැයි විද්‍යාඥයයන් ගණනය කර ඇත. එසේ හසුවූ විට එය පෘථිවිය සමඟ රැ‍ඳෙමින් පෘථිවිය වටා භ්‍රමණය වීමට පටන් ගනී. පෘථිවියට අලුතින් කුඩා සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් ලැබෙනු ඇතැයි තාරකා විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ ඒ අනුවය.

2024 PT5 ග්‍රහකය දින 53 ක්, එනම් සැප්තැම්බර් 29 වැනිදා සිට මෙම නොවැම්බර් 25 දක්වා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී තිබෙනු ඇති බවත් පසුව එය පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී විශ්වයේ ඈතට ගමන් කරනු ඇති බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

(එන්.ඩී.ටීවී.)



අදහස් (8)

අපට අලුත් සඳක් ලැබෙන්නයි යන්නේ

Perera Sunday, 15 September 2024 06:06 AM

ලංකාවටත් අලුත් ඉරක් පායනවා 22 ඒක හඳුන්වන්නේ 2024 AKD කියලා...

:       10       20

Swene Haputhantirige Sunday, 15 September 2024 06:34 AM

සැප්තැම්බර් 21න් පසුව දීර්ඝ කාලයකට අපට දේශපාලන සඳක් ද ලැබුනොත් තමයි හොඳ...

:       2       13

m.dhammasiri Sunday, 15 September 2024 07:05 AM

විද්‍යාඥයින්ට වැරැදිලා! ඒ චන්ද්‍රයා පායන්නේ සැප්තැම්බර් 21. දින 53ක් නොව අවුරුදු 53ක් පවතිනවා...

:       7       12

DMS Karunaratne Sunday, 15 September 2024 08:41 AM

ඒක ලෝකය වටේ වටයක් නම් යන්නේ නෑ.

:       0       6

sachith Sunday, 15 September 2024 12:07 PM

මේ දවස්වල අපේ ජෝතිෂ කට්ටිය හොයාගන්නවත් නැ.... නැතිනම් හොඳ විග්‍රහයක් අහගන්න තිබ්බා මේක ගැන

:       2       10

Chinthaka Sunday, 15 September 2024 01:27 PM

ජ්‍යෝතිෂ කට්ටිය කොහොම වුණත් ඈත විශ්වයෙන් එනවා ඇති.. ඔය ග්‍රාහක නිසා පිටසක්වලින් රෝගකාරක විෂබීජ හා වෛරස අපේ වායුගෝලයට එන්න නම් පුළුවන් කියලා හිතෙනවා. ඒ නිසා මානවයාගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිකර්ම සොයාගන්න පුළුවන් නම් හොඳයි. ඔය අතරේ අභ්‍යාවකාශයට යානයක් යවන්න උත්සාහ කළොත් විශ්වය ජයග්‍රහණය කරන්නත් උදව්වක් වේවි...!

:       6       4

chamod rajapaksha Sunday, 15 September 2024 05:47 PM

ලූනටික් වෙයිද දැන් මිනිස්සු...!

:       0       3

මාටින් Thursday, 19 September 2024 08:35 AM

ඕකටත් අපේ උන් විදියිද දන් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 507 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 935 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site