IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


අඳුරු වූ රටට පැය හයකට පසු ආලෝකය

(යොහාන් භාසුර)

විදුලිය බිඳ වැටී පැය හයකට පමණ පසු දිවයින පුරාම විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකි වූ බව විදුලි බල මණ්ඩය දැනුම් දුන්නේය.

කොත්මලේ සිට බියගම දක්වා විදුලි රැහැන්වල දෝෂයක් මෙම විදුලි විසන්ධිවීමට හේතු වි ඇති බව විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විදුලි බල මණ්ඩලය පවසා සිටියේ මෙම සිද්ධියෙන් විදුලි පාරිභෝගිකයනට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සිය මණ්ඩලය කනගාටුව ප්‍රකාශ කරන බවයි.

තවද විදුලිය විසන්ධි වූ මොහොත් මාධ්‍ය සිදු කළ මෙහෙය සම්බන්ධයෙන් සිය කෘතඥ තාවය ද පුද කර ඇත.

කෙසේ වුවද මෙම විදුලි විසන්ධිවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරම්භකරන බවද විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 

-----------------------------

(යොහාන් භාසුර)

මුළුමනින්ම ඇන හිට තිබූ විදුලි සැපයුම මේ වනවිට ප්‍රදේශ කිහිපයක යථා තත්වය ට පත්ව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

සෙසු ප්‍රදේශවල විදුලි සැපයුම ද කඩිනමින් ලබා දීමට කටයුතු කරමින් ඇති බවද පවසයි. පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද සවස රට පුරාම විදුලිය විසන්ධි විය.

ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් විදුලිය විසන්ධිවීමට හේතුවී ඇති බව විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය.

රාත්‍රි 9.30 පමණ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි බවද එම ප්‍රකාකයා වැඩි දුරටත් පැවැසීය.

කෙසේ වුවද ජාතික රෝහලට ඇතුළු සියලු රෝහල් ආසන් ප්‍රදේශවලට මුලින්ම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කර ගෙන යයි. 

විදුලිය විසන්ධි වීම නිසා ජල සැපයුමට ද යම් බාධාවක් එල්ල වි ඇතැයි වාර්තාවේ.

--------------------------------------

6.48

ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටේ

(යොහාන් භාසුර )

කොළඹ, ගාල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක ඇතුළු විශාල ප්‍රදේශයකට විදුලි සැපයුම බිඳ වැටී ඇති බව ජනතාව පවසති.

මෙම විදුලි බිඳ වැටීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී පැවසුවේ විදුලිය බිඳ වැටීමක් පිළිබඳව වාර්තා වී ඇති බවත් එම විදුලි බිඳ වැටීමට හේතුව මෙතෙක් වාර්තා කර නොමැති බවත්ය.

ලංකා විදුලි බල මණ්ඩලය ඉංජිනේරු අංශය මේ වන විට ඒ පිළිබඳව සොයා බලමින් සිටින බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (4)

අඳුරු වූ රටට පැය හයකට පසු ආලෝකය

Dharmatileke Saturday, 09 December 2023 10:10 PM

ඒක අලුත් දෙයක්ද?

:       0       0

Lalla Saturday, 09 December 2023 10:57 PM

වැඩබැරි ටාසන්ලා පිරුණු ලංවිම... මැතිසබයට ගැලපෙන කට්ටිය නේද? අතිරේක සම්ප්‍රේෂණ මාර්ග හෝ උපකරණ නැති ජාලයක් තබාගෙන බීලා වැඩිකර පඩි සහ දීමනාත්, විශ්‍රාම වැටුපකුත් ගන්නවා නේද? ලංවිම රටට පිළිකාවක් නොවේද? මේ සියලු බර පෞද්ගලික අංශයට නේද?

:       0       0

Bamunuarachchi Sunday, 10 December 2023 09:19 AM

ඔවැනි බලාපොරොත්තු රහිත දේවල් සිද්ද වෙනවා. කණගාටුවට කරුණ සමහර නූගත් මිනිස්සු දක්වපු ප්‍රතිචාර...!

:       0       0

චින්තක Sunday, 10 December 2023 05:58 PM

ඇත්ත... ඒත් ඒ වෙලාවේ අපේ ස්ථාවර හා ජංගම දුරකථන අක්‍රිය වුණා... CEB ඇෆ් අක්‍රිය වුණා. තොරතුරු දැනගැනීමේ කැමැත්ත නිසා ප්‍රදේශයේ විදුලි අධිකාරී කාර්‍යාලයට කතාකරන්න අමාරුයි. දුරකථන භාවිතයේ නැහැ කිව්වා හරියට තොරතුරක් ලැබුණා නම් ඉටිපන්දම් හෝ ගේන්න තිබුණා... ඒකත් නැතුව හරිම දුකක් ඇතිවුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1242 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site