IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අනුලා මහා රහත් තෙරණිය වන්දනා කරන්න මහා සෙනගක්

(උපුල් හේරත්)

ඓතිහාසික අනුලා චෛත්‍යයේ සිදු කළ කැනීමිවලින් හමුවු ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීමට දිවයිනේ නන්දෙසින් මෙහනින් වහන්සේලා 5000 අධික පිරිසක් අද දින වැඩම කර සිටියහ.

භික්ෂූන් වහන්සේලා 1000 කට ආසන්න ප්‍රමාණයක් වැඩම කළ අතර ,භික්ෂුණින් වහන්සේලා 5000 වෙනුවෙන්  වියළි සලාක මල්ලක් හා මුදල් පරිත්‍යාගයක් කිරීමට මිහින්තලේ නාහිමි ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ හා බෝදාගම චන්දිම නාහිමියෝ කටයුතු කළහ.

ධාතුවහන්සේ ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව නැවතත් ලබන වසරේ දි  සෑම දිස්ත්‍රික්කයකම පාහේ ධාතු වහන්සේ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇතැයි මිහින්තලේ නා හිමි පවසති.

ඊට අමතරව ශ්‍රීපාද විහාරාධිපති පැල්මඩුල්ල රජමහ විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටකාචාර්ය ආචාර්ය බෙංගමුවේ ධම්මදින්න මාහිමියන් වහන්සේ ද, ලන්ඩන් නුවර තේමස් විහාරාධිපති පහලගම සෝමරතන නාහිමියන්ද, අමරපුර මූලවංශික මහා නිකායේ අනුනායක යෝගියානේ සෝභිත හිමියන්ද, දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක කෑගල්ලේ රතනසාර හිමියන් ද වැඩම කළ සිටියහ. මෙම  අවස්ථාවට වියට්නාම තානාපති හෝ තන් ටෘක් මහත්මිය සහභාගී වූවාය.



අදහස් (32)

අනුලා මහා රහත් තෙරණිය වන්දනා කරන්න මහා සෙනගක්

සෙනවි Monday, 26 December 2022 03:52 PM

නවතම ව්‍යාපාරය!!

:       468       56

ganegoda Monday, 26 December 2022 08:56 PM

ජාවාරම් කාරයෝ

:       78       23

jayasekaraTuesday, 27 December 2022 09:14 AM

දැක අනුමෝදම් වෙන්නේ නැත්නම් කටපියාගෙන ඉන්න. පුටු රත් කර කර කමෙන්ට් නොකර.

:       21       135

ganegoda Monday, 26 December 2022 04:21 PM

ගියාට කමක් නැහැ පිං කැට පුරවන්න එපා.

:       380       55

උපාසක Tuesday, 27 December 2022 01:41 AM

උඹනම් මෝඩ පව් කාරයෙක්. මොකද කෙනෙක් දෙන දෙයක් වැලැක්වීමට අනුබලදීම. මේවගේ විපාක දැනගනිල්ලා මොනතරම් බරපතලද කියලා. සෙල්ලම් නෑ පුතෝඋඹ දෙන්නෙත් නෑ දෙන කෙනෙක් දීල පිනක් කරගන්න ඉඩ දෙන්නෙත් නෑ. ඇඟේ, හිතේ හය්ය තියෙනකම් හැමෝම වීරයෝ. බැරි දවසක් හැමෝටම එනවා අන්න එදාටයි කළ මෝඩකම් මතක් වෙන්නේ. එදාට ඇඬුවත්, වැලපුනත් දුක නැතිවෙන්නේ නෑ. තනියම තමයි යනතැනකට යන්න වෙන්නේ.

:       17       76

anura Marasinge Monday, 26 December 2022 05:29 PM

භික්ෂුණී සසුණ සිරිලක ස්ථාපිත කළ සගමිත් මහ රහත් තෙරණින් වහන්සේ ටද , ලක්දිව පළමු මහ රහත් තෙරණින් වහන්සේ වූ අනුලා රහත් තෙරණින් වහන්සේට ද නමස්කාර වේවා .

:       7       159

කිරිපුතා Monday, 26 December 2022 05:39 PM

මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ ලා දැක වන්දනා කර භාගයවතුන් වහන්සේ කෙරේ සද්ධාව වැඩිකරගෙන සසර දුක හඳුනාගෙන එයින් එතෙර වීමට සියල්ලෝ සිත් පහදා ගනිත්වා. මිනිසා ගේ පිරිහීම අදට වඩා හෙට වැඩි වනු ඇත. එයයි දහම.

:       9       157

Dasa P Monday, 26 December 2022 08:38 PM

කැලණියෙ නයා මතක් වෙනව

:       171       32

බිමිසර Monday, 26 December 2022 10:12 PM

අනුලා දේවිය සහ සීවලී මහරහතන්වහන්සේ ගැන අසා තිබුණත් අනුරා මහරහත් තෙරණියක් ගැන අසා නැත.

:       94       7

kamal Tuesday, 27 December 2022 03:12 AM

තවත් පොදු අපේක්ෂකයෙක්ද?

:       59       12

kamani Tuesday, 27 December 2022 03:22 AM

එක පාරටම දවසෙන් දෙකෙන් කියන්නේ කොහොමද අනුලා මහ රහත් තෙරණියගේ ධාතූන් වහන්සේලා කියලා? මොනම පරීක්ෂණයක්වත් කළාද?

:       74       18

කිරිපුතාTuesday, 27 December 2022 09:54 AM

අපේ රජවරු ඒවා තැනපත් කරලා තියෙන්නේ විස්තර ලියලා.

:       9       80

tikira Tuesday, 27 December 2022 04:39 AM

අපිට ඔය මොනවගේන්වත් වැඩක් නැහැ.

:       51       17

කැපකරු Tuesday, 27 December 2022 02:09 PM

ආගමක් දහමක් අදහන්නේ නැති මිනිස්සුයි, සත්තුයි වෙනසක් නෑ. කන්න මොනවා හරි තමයි හැම වෙලාවේම බලාගෙන ඉන්නේ. ඉල්ලන්නේ. මේවා අහලා, දැකලා එක පාරක් හරි සිතපහදවා ගත්තොත් මොන තරම් අනිසන්සද කියලා දන්නවනම් ඔහොම ලියන්නේ නෑ.... පව් උඹලා.... හැම දේටම මුල නුගත්කම. මෝඩකම.... භික්ෂුන් වහන්සේ නමක් දැකලා සිත පහදවා ගත්තොත් එක ආනිශන්ෂයක් තමයි 5000 ක්‌ ඇස් රෝගයක් හැදෙන්නේ නැතිලු දන්නවද ඒක. මේ මහා රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක්ගේ ධාතුන් වහන්සේලා. මොන තරම් අනිසන්සද සිත පහදවා ගත්තොත්.

:       5       91

කැපකරු Wednesday, 28 December 2022 12:19 AM

ආත්ම 500ක්‌ ඇස් රෝගයක් හැදෙන්නේ නැතිලු.

:       48       2

JayasekaraWednesday, 28 December 2022 09:44 AM

අනේද කියන්නේ ?සාදු සිතින් දැකලා අනුමෝදන් වෙන්නේ නැතුව ,සමහරක් අල ගිය තැන් මුල ගිය තැන් හොයනවා .මේ වගේ අදහස් තියන අයගේ ලයිනුත් ඔය වගේ තමයි .මොකෝ උන්ටත් පොවන්නේ ඔය කසායම තමා

:       2       56

Nandasena gr Tuesday, 27 December 2022 05:34 AM

ලංකාවේ තරම් ධාතු ප්‍රදර්ශන නැතිව ඇති ලෝකේ වෙන එක රටකවත්.ඒකනෙ මේ තරම් දියුණු

:       116       18

jayasekaraTuesday, 27 December 2022 12:39 PM

ධාතු ප්‍රදර්ශනයයි, රටක දියුණුවයි අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ... මියයන මොහොතකදී මතක් වෙන්න ඕනෑ කරගත්තු කුසල් මිසක්... රටේ දියුණුව නෙවෙයි කියලා මතක තියාගන්න.

:       11       67

නිමල් Wednesday, 28 December 2022 12:36 AM

මැරෙනවා කියලා හිතපල්ලා දවසක.

:       3       35

සෙනෙවිරත්න Tuesday, 27 December 2022 05:37 AM

ඔය බෙදන දෙයක් අරගෙන වරෙල්ල, ඒත් ඔය බෙදන අය කියන එක එක පාලියෙ බොරු එතනම තිියල වරෙල්ල, ඉස්සරහටවත් මොලේ පාවිච්චි කරල තීරණය ගනිල්ලා,

:       62       12

සෙනෙවිරත්න Tuesday, 27 December 2022 05:41 AM

බුදුන්ගේ බණ දහම් පිළිපදිනවට වඩා බුදුන්ගෙ ධාතු ඇතුලු පාරිභෝගික වස්තු වලට ගෞරව කරන නූගත් ජනයා පිරි දිවයින තමයි මේක, හැබැයි බටහිර අය මේ විකාර නැතුව බුදුන් දෙසූ සත්‍ය දහම පිළිපදිනව.

:       176       19

සිසිර Wednesday, 28 December 2022 12:35 AM

දහම හරියට දන්නවනම් ඔයවගේ දේවල් කියන්නේ නෑ. බටහිරටම ආවඩන අපේ මිනිස්සුන්ට අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන හොඳ ගුණාංග පෙන්නේ නෑ. අපේ රටේ මිනිස්සු ලෝකෙන්ම විශේෂ ගුණාංග තියෙන ජනතාවක්. ලෝකේ රටවල් වලට ගිහින් බැලුවොත් ඒක ඉතාම පැහැදිලියි. මේ රට ලෝකෙන්ම හොඳම රට. එකේ කතා දෙකක් නෑ. මිනිස්සුත් ඒ වගේ. ඔබ මොනවා කීවත් ලින් මැඩියෝ වගේ මේක නිධානයක්. දේශපාලකයෝ රට විනාශ කෙරුවට. නූගත්, මෝඩ මිනිස්සුකොහෙත් ටික දෙනෙක් හරි ඉන්නවා ඔබලා වගේ. ඒක සාමාන්‍යයි. බටහිර අය අදහන තරම පේනවනේ ඒ මිනිස්සුන්ගේ ක්‍රියා කලාපයෙන්. අපිට මේ හොඳ ගුණාංග ගොඩක් ලැබුනේ බෞද්ධ දර්ශනයෙන්.... තෙරුවන්සරණයි.

:       2       77

jayasekaraWednesday, 28 December 2022 09:47 AM

යුරෝපියන් එහෙම කරන්නේ .එහෙ බුද්ධ අධිෂ්ඨානයෙන් ධාතූන් වහන්සේලා පිහිටියේ නැති නිසා

:       4       1

සපුමල් Tuesday, 27 December 2022 09:12 AM

ඔය මිහින්තලේ නායක හාමුදුරුවෝ බොරු සෝබන වෑඩ කරන්නේ නැත. ඒවාට සිංහළ බෞද්ධ වේශයෙන් දොස් නගන්නේ යම් සංවිධානාත්මක අන්‍යාගමික පිරිසක් පමනි.

:       16       75

Lalla Tuesday, 27 December 2022 09:12 AM

අලුත්ම වංචාව. දේශපාලන හා ආර්ථික අවුල මිහින්තලේ පැත්තට හරවන්න හදනවා. හොඳ අදහසක් නමුත් මේ වතාවේ වැඩ කරන්නේ නැහැ.

:       79       13

Sugath Rajapakse Tuesday, 27 December 2022 02:12 PM

නිවන කියන්නේ සෞපදිසේස පරිනිර්වාණය සහ අනුපාදිසේස පරිනිර්වාණය යන අවස්ථා දෙකකි. සෞපදිසේස පරිනිර්වාණයේදී, “කුමක්ද මහණෙනි, නිබ්බාන මූලද්‍රව්‍යය ඉතිරි වෙලාද? මෙහි භික්ෂුව යනු කෙලෙස් නැසෙන, ශුද්ධාත්මය සම්පූර්ණ වූ, කළ යුතු දේ කළ, බර පැටවූ, අරමුණට පැමිණි, භවයේ බැඳීම් නැති කරන, අවසාන ඤාණයෙන් සම්පූර්ණයෙන් නිදහස් වූ රහතන් වහන්සේ නමකි. කෙසේ වෙතත්, ඔහුගේ පංචෙන්ද්‍රිය දුර්වල නොවී පවතින අතර, එමඟින් ඔහු තවමත් එකඟ හා එකඟ නොවන දේ අත්විඳින අතර සතුට හා වේදනාව දැනේ. ඔහු තුළ ඇති ඇලීම, ද්වේෂය, මෝහය නිරුද්ධ වීම තමයි ඉතිරි වූ නිබ්බාන අංගය කියලා කියන්නේ. අනුපාදිසේස පරිනිර්වාණයෙහි “දැන් කිමෙක්ද, මහණෙනි, නිබ්බාන උපාදානස්කන්ධයක් ඉතිරි වී තිබේද? මෙහි භික්‍ෂුවක් යනු රහතන් වහන්සේ නමකි... අවසාන ඤාණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වේ. ඔහුට, මෙන්න මේ ජීවිතයේම, අත්විඳින ලද, සතුටට පත් නොවන සියල්ල නිවී යයි. පින්වත් මහණෙනි, ඒකට කියනවා ඉතිරි නැති නිබ්බාන අංගය කියලා. මෙසේ ධාතූහු ඒ ශරීරයෙහි ඇත්තාහු වෙත්. ඒ නිසා තමයි බුදුන් වහන්සේ වදාළේ "දර්මය දකින කෙනෙකුට පමණයි බුදුන් පෙනෙන්නේ" කියලා.

:       1       3

චානක Tuesday, 27 December 2022 02:13 PM

බුදු දහම දේව අාගමක් කරගත් මෝඩයන්.

:       48       7

jayasekaraWednesday, 28 December 2022 09:45 AM

මහා පරිනිර්වාණ සුත්‍රය කියවන්න.

:       3       29

මහේෂ් Wednesday, 28 December 2022 12:23 AM

සාදු.. සාදු.. ධර්මය දත් පින් ඇති අය තවමත් මේ සිරිලක ඇත....

:       3       46

Perera Thursday, 29 December 2022 07:25 AM

වැඳ වැඳ ඉන්න... දේශපාලුවන් ඔහෙලාට හිතේ හැටියට කියනකල්...!

:       41       3

saththyaa Thursday, 29 December 2022 01:59 PM

කොතන බැලුවත් නෝනව හරි පෙන්නලා සල්ලි එකතු කරනවා.

:       37       4

surasena Friday, 30 December 2022 02:32 PM

මොනවා ප්‍රදර්ශනය කෙරුවත්, මුදල් උපයාගැනීමේ බන්දේසියයි, පින්පෙට්ටි ටිකනම් අමතක වෙන්නේ නැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 441 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 278 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 972 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 61 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2272 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 424 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site