(ආරියරත්න රණබාහු)

මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා   ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුගේ යශැහීමී (TSUGE   Yoshifumi )මහතා අතර හමුවක් එම අමාත්‍යාංශයේදී අද (22) දින පස්වරුවේ සිදු විය.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවත්  රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතාවන්හි ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලද අතර එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරය පිළිබඳව සුබපැතුම් එක් කිරීමටද මෙහිදී කටයුතු කර තිබිණි.

මෙම සාකච්ඡාව සඳහා අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ තුසිමිතාරෝ (Tsutsumi Taro )මහතා සහ එම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉවාසේ කීවීරෝ(IWASE Kiichiro) මහතා ඇතුළු නිලධාරි පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජපාන කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙක්ද එක්ව සිටියහ.