
(අංජුල මහික වීරරත්න)
අනුර කුමාර දිසානායක විසින් විපක්ෂයේ අපි ඔක්කොම එකතු කරනු ලැබ ඇතැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා ඒ බව කීවේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට බන්ධනාගාරයට යෑමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි. මුජිබුර් රහුමාන් මහතා එහිදී මෙසේද කීය.
ආණ්ඩුවේ ජනප්‍රිය භාවය අඩුවෙන කොට ඔවුන්ගේ ජනප්‍රිය බව රැක ගැනීම සඳහා ඔවුන් මොකක් හරි චූන් කරන වැඩක් කරනවා.රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්න ඒගොල්ලෝ බටලන්ද කොමිසම පාර්ලිමේන්තුවට ගෙනාවා.බටලන්ද කොමිසමට ගන්නවා කිව්වා.ඒක වුණේ නෑ.
දැන් මහ බැංකු සිද්ධිය කෝ.ඊලඟට කිව්වා බාර් පර්මිට් 250ක් දුන්නා කියලා.ඒකට අත්අඩංගුවට ගන්නවා කිව්වා. ඒකත් කරන්න බැරි වුණා.අන්තිමට මොකක්ද කළේ. පිට රටක ගිය ට්‍රිප් එකක රජයේ මුදල් භාවිතා කළා කියලා චෝදනාවක් දාලා දැන් අරගෙන තියෙනවා. ඒකෙත් පැමිණිලිකාරයා කවුද?ජනාධිපතිතුමාගේ ලේකම්. ඒකෙන්ම පේනවනේ මේක දේශපාලන පළිගැනීමක් කියලා.
ඒගොල්ලෝ කියපු දේවල් කිසිවක් ඒගොල්ලන්ට කරගන්න බැරි වෙච්ච නිසා ජනාධිපති ලේකම් ලවා පැමිණිල්ලක් දාලා දැන් අත්අඩංගුවට අරගෙන තියෙනවා.
අනුර කුමාර පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත් පළාත් පාලන මැතිවරණයේදී ගිය ගමන් වලට පෙට්‍රල් ගැහුවේ පැලවත්තෙන්ද?ජනතාවගේ බදු මුදල් වලින් පෙට්‍රල් ගැහුවේ.ජනතා මුදල් අව භාවිතා කිරීම කියලා ජනාධිපතිවරයාටත් ඕක වැටෙනවා. මතක තියාගන්න.එයාගේ දේශපාලන වැඩ වලට එයා ජනතා මුදල් පාවිච්චි කරලා තියෙනවා.
අනුරාධපුරේටද කොහෙද හෙලිකොප්ටරෙන් ගියා කියලා තව මොකක්ද එකක් කියනවා.ඒවා ගැනෙන්නෙත් ජනතාවගේ මුදල් අවභාවිතාවක් කිරීම විදිහට තමයි.
අනෙක නීතිය සැමට සාධාරණයි කියලා පෙන්වන්න දැන් ආණ්ඩුව උත්සාහ කරනවා.ඒ කැබිනට් එකේ චෝදනා තියෙන අය නඩු තියෙන අය නැද්ද?ඒ නඩු වෙන වෙන උසාවි වලට මාරු කරගන්න ඒ අය කටයුතු කළේ නැද්ද?
අල්ලස් දූෂණ චෝදනා ලබපු ඇමතිවරයෙක් ඉන්නවා.නීතියේ ආධිපත්‍යයට ඉඩ දීලා ඒ ඇමතිවරයා හරි නම් ඉල්ලා අස්වෙන්න එපැයි.ඔවුන්ට නීතියේ ආධිපත්‍යය නෑ. දැන් විරුද්ධ පක්ෂය දඩයම් කරන්න පටන් අරගෙනන තියෙනවා.ආණ්ඩුවට රිදෙන්න ගහන අය දඬුවම් කරන්න පටන්ගෙන තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක මිනිස්සු දන්නවා. හොරු ටික දැන් එක මිටට...
කවදාද නුඹලා වෙන් වෙලා හිටියේ?
දැන් ලෑස්තිවෙන්න ... එකට එකතු වෙලා එකම බස්එකෙන් වැලිකඩ යන්න.
සියලු හොරු එක මිටට...
බරපතල කාරණා කෙරෙහි අවධානය වෙනතකට යොමු කරන මේ ව්‍යාජ පාලන තන්ත්‍රය පරාජය කරන්න. මෙම පාලන තන්ත්‍රය තම සම්පූර්ණ රාජ්‍ය ආයතන පත් කරන ලද හෙංචයියන් සමඟ ව්‍යාජ කඩතුරාවන් යටතේ ජනතාව පීඩාවට පත් කරන ආකාරය අපි ලෝකයට කියන්නෙමු. ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ජනතා අයිතිවාසිකම් පීඩාවට පත් කරන ආකාරය අපි ඔවුන්ට කියන්නෙමු. මෙය දේශීය මාධ්‍යවලට හෙළි නොකර ජාත්‍යන්තර මාධ්‍ය ඉලක්ක කරන්න. අපි මෙම ත්‍රස්තවාදීන්ගේ කැත මුහුණ හෙළි කර පෙන්වන්නෙමු...
හොරු එක මිටකට... අපි රටවල් වල දුක් විඳින්නේ අවුරුදු 30 ගාණක් මුන් නිසා. වැහි නැති හෙන ලැබේවා...!
ආයෙ අමුතුවෙන් එකතු කරන්න දෙයක් නැහැ. ඔක්කොම එදා ඉඳලාම එකම කුණු ගොඩේ එකටම ඉන්න ගඳ ගහන අසූචි කියලා රටේ මිනිස්සු දන්නවා...
ඔක්කොම එකතුවෙලා තමයි මේ රටම වැට්ටුවේ.
කුණු ටික එකට එකතුවෙන තරමට අපිට ලේසි උබලව එකට කොම්පෝස්ට් කරන්න
හොරුන් කොහොමත් ඇතුලේ ඉන්න ඕනේ.. රනිල් මහින්ද ගෝඨාභය ඇතුලෙම තමා ඉන්න ඕනේ. නාමල් උඹත් වැඩි දවසක් යන්න කලින් හිරබත් කරන්න ලෑස්ති වෙයන්..