(සිතුම් චතුරංග)
වවුනියාව ඕමන්ත කොම්බුවෙෙතියකුලම් හත්වන සිංහරෙජිමේන්තු කඳවුර තුල අනාරක්ෂිත ඇඳ තිබූ විදුලි රැහැන්වල පැටලී අලියකු මියගොස් ඇති අතර එම අලියා කොටස්වලට කපා ළිඳකට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අාරම්භ කොට අැති බව වවුනියාව වනජීවි කාර්යාලය පවසයි.
කඳවුර තුලට පසුගිය 01 වැනිදා රාත්‍රියෙ පැමිණ අැති වන අලියා වන සතුන්ට අැඳතිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී මියගොස් අැති බව වනජීවි කාර්යාලය පැවසීය.
වන අලියාගෙ මරණය පිළිබඳ වෙනත් පාර්ශ්වයන් දැනගැනීම වැළැක්වීම සඳහා කඳවුරේ ඉහළ නිලධාරීන් සෙබලුන් යොදවා අලියාගෙ ශරිරය කොටස්වලට කපා අසල තිබූ ළිඳකට දමා පස් යොදා අැති අතර අනෙක් කොටස් පුළුස්සා දමා අැතැයිද විමර්ශන සිදුකරන වවුනියාව වනජීවි නිලධාරීහු පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි කාර්යාලය වෙත ලැබුණ තොරතුරු මත වවුනියාව වන ජීවි නිලධාරීන් සහ උතුරු පළාත් වනජීවී පශුවෙෙද්‍ය බි. ගිරිදරන් මහතා අැතුලු කණ්ඩායමක් අලියාගේ ශරීර කොටස් පැවති ස්ථාන සම්බන්ධයෙන් පරීක්‍ෂණ අාරම්භකළ බවත් වවුනියාව වනජීවි කාර්යාලය පැවසීය.
අනාරක්ෂිත විදුලිය යොදා මියගිය අලියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබුණි.
සිද්ධියට අදාලව යුද හමුදා සෙබලුන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන්කරගෙන අැති අතර මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවටගෙන වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වවුනියාව වනජීවි කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
ඇමෙරිකාවෙන් සියයට 44 ක තීරු බදු මෙරටට පැනවීම හේතුවෙන් ඇගලුම්, රබර්, තේ සහ කුරුදු ඇතුළු අපනයන ක්ෂේත්‍රවල නිරතවන සේවකයන්ගේ රැකියා අවදානම්ට වැටී ඇති බව ස්ත
බලන්ගොඩ වෙිිවැවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයක ගිිස් ගස සිටු විමට ගිය තරුණයෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි වෙිිවැවත්ත පොලිසිය පැවැසීය.
මරදාන හා කොටුව අතර අද (01) පෙරවරුවේ මගී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරන බ
“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අනාරක්ෂිත විදුලි රැහැනේ පැටලුනු අලියා කොටස් කර ළිඳකට දමලා
Lalla Friday, 03 January 2025 08:56 PM
හමුදාවට වඩා අලි බලවත්...!!! ඉස්සර තිස්සමහාරාම පැත්තේ කතාවක් තිබුණු මිනීමැරුවත් කමක් නෑ... මුවන් මරලා අහුවෙන්න එපා කියලා...