(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)

ඌරාපොළ රුවන්වැල්ල මාර්ගයේ සපුගස්තැන්න ලිහිණියා ගොල්ල ප්‍රදේශයේදී  ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් මව හා පුතා මරණයට පත්ව ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ      සපුගස්තැන්න, නිකහැටිකන්ද ලිපිනයේ පදිංචිකරුවන්වන ත්‍රිරෝද රථයේ රියදුරු වූ ඔකදවත්ත හේවගේ තිලිණ මදුෂාන් අබේරත්න (30 ) සහ එම අයගේ මව වන නාපයලාගේ සුමිත්‍රා රත්නවතී ( 58)  යන අයවලුන් බවට පොලිසිය හඳුනාගෙන ඇත.

මියගිය අය පැදවූ ත්‍රී රෝද රථය ඌරාපොළ දෙස සිට රුවන්වැල්ල දෙසට ගමන් කරද්දී ඉදිරියෙන් ආ ලොරි රථයක ගැටීමාර්ගයෙන් ඉවතට විසිවී පෙරළී ඇතැයි පොලිසිය කියයි.