IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


අනතුරක් කළැයි උමාරිය පොලිස් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

ප්‍රසිද්ධ ගායිකාවක වු උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථය වැලිකඩ ගුවන් පාලම ආසන්නයේදී අද (31) සවස තිරෝද රථයක ගැටීමෙන් සිදු වූ සිදුවූ අනතුරක් හේතුවෙන් ඇය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් සිද්ධියෙන් තිරෝද රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් එය පැදවූ උමාරියා සිංහවංශ මහත්මිය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන.

 



අදහස් (12)

අනතුරක් කළැයි උමාරිය පොලිස් අත්අඩංගුවට

කල්ප Saturday, 31 July 2021 11:56 PM

කවුරු හරිද වැරදිද නම් දන්නෙ නැහැ .හැබැයි ඔය කියන හරියෙ ඉන්නෙ අන්ඩපාලයො ටිකක්. කාගෙ හරි වාහනේක බලෙන් හප්පල සල්ලි ගන්න හදනව. මේක බොහොම කාළයක් කරන දෙයක්. උන්ගෙන් බේරෙන්න ලේසි නැහැ .

:       0       0

gunarathna Sunday, 01 August 2021 06:35 AM

ඊළඟ මාතෘකාව උමාරියා පොලිස් ඇප මත නිදහස් වෙයි...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 01 August 2021 08:00 AM

රිය අනතුරකදී, එයට ලක්වන තැනැත්තා රෝහල් ගතවීම සිදුවුවහොත්, රිය පැදවූ රියැදුරා පොලිස් අත්අඩංගුවේ රඳවා තැබීම සිරිතයි. පසුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනෙනවා. එය එසේ වුවත්, ත්‍රීවීලර් කරුවන් සිටිනා පාරක වාහනයක් පදවාගෙන යන්නේ කුමන ආකාරයකට දැයි දන්නේ වාහන පදවන අයම පමණි. පෞද්ගලික බස්රථ කරුවන්ගේ කෙරුවාවද එසේමයි. කිසිඳු මාර්ග නීතියක් ගැන නොසලකන මෙවන් නරුම රියැදුරන්ගෙන් පිරිරටක විනීත ලෙස රිය ධාවනය කළහැකිදැයි රථ වාහන පොලීසියෙන්, ප්‍රවාහන අමාත්‍යාංශයෙන් හා අනෙකුත් වගකිවයුතු අයගෙන් අපි විමසා සිටිමු...

:       0       0

M. SAMAN PERERA Sunday, 01 August 2021 10:35 AM

ඇයි තවමත් මන්ද පමා?

:       0       0

Asanka Sunday, 01 August 2021 11:36 AM

බොහෝදුරට වැරැද්ද ත්‍රීවිල් රියදුරු අතේ තමයි. පොලිසියෙන් කොහොමත් නඩුදානවා නොසැලකිල්ලෙන් රිය ධාවනය කියලා.. නවත්තගෙන ඉන්න එකේ ඇවිත් වැදුණත් අපි වැරැදිකාරයෙක් වෙනවා නීතියේ හැටියට.. එ්ක නීතියේ දුර්වලකමක්. මම ප්‍රාර්ථනා කරනවා ඩෑෂ් කැම් 1ක් තිබිලා සිද්ධිය එළිවෙලා උමාරිය නිදහස් වෙන්න කියලා... ඇය අසනීප දරුවෙකුගේ මවක්. දරුවා වෙනුවෙන් පුදුම දරාගැනීමක්, කැපකිරීමක් කළ මවක්. ත්‍රීවිල් රියැදුරුගේ ජීවිතයත් බේරෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.

:       0       0

Fernando Sunday, 01 August 2021 11:48 AM

රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා.. මේවා දාන්න තරම් ප්‍රවෘත්තිද?

:       0       0

Wijesekara Sunday, 01 August 2021 11:53 AM

මේ වගෙ වැදගැම්මකට නැති කසිකබල් මුල් පිටුවට දාන්නේ ඇයි.

:       0       0

maalaka Sunday, 01 August 2021 11:58 AM

මේවා නිව්ස්ද.?

:       0       0

ganegoda Sunday, 01 August 2021 12:01 PM

ඕක එලවා ගන්න දන්නේ නැත්නම් විකුණලා දාලා පයින් යන්න

:       0       0

Kusal Alagiyawanna Sunday, 01 August 2021 12:03 PM

හප්පා... දැන් ඉතින් කොහොමද රට ගොඩ ගන්නෙ... ඔක්කොම ඉවරයි.

:       0       0

simon Monday, 02 August 2021 12:15 PM

මිනිසුන්ට වෙන වැඩක් නැද්ද... මේවා නිවුස් හැටියට කියවන්න?

:       1       26

RaveendraTuesday, 03 August 2021 06:36 AM

ඇත්තෙන්ම මේවා විහිළු නොවේද ? දැන් අපේ සංගීත ක්‌ශේස්ත්‍රයට මොනවයින් මොනවා වේද මන්ද ? මුළු ලංකාවටම එක අතිදක්ෂ ගයිකාවක නැති පාඩුව අපි ඉදිරියේදී අත්දකිනු ඇත .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1136 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1142 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site