IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අනතුරු දෙකකින් හතරක් මරුට

(කාංචන කුමාර අරියදාස සහ ඉන්දික අරුණ කුමාර)

බකමූණ , ඇළහැර අලිකන්දවත්තේදී අද( 11) අලුයම මෝටර් රථයක් යෝධ ඇළට පෙරැළීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු  මියගොස් තවත් තරුණියක් බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව බකමූණ පොලිසිය පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ  ප්‍රකට පරිසරවේදියෙකු වන  තිලක්  කන්දේගම මහතාගේ බිරිඳ වන විශ්‍රාමික විදුහල්පතිනි ලක්ෂ්මි සිරිවර්ධන (72) මහත්මිය සහ  ඔහුගේ  සොබාදහම ගොවිපලේ අධ්‍යාපනය සඳහා පැමිණ සිටි  ධනුෂ්ක නැමැති සිසුවෙකු බව‍ පොලීසිය කියයි.

එමෙන්ම තුවාල ලබා  ඇත්තේ ඉංජිනේරුවරියක් වන කන්දේගම මහතාගේ දියණිය පොලිසිය කියයි.

නාඋල දෙසින් ඇළහැර දෙසට මෝටර් රථය  ධාවනය වෙද්දි රියදුරුට  ඉදිරි වංගුවක   රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග සංඥා කණුවක් ද කඩාගෙන යෝද ඇළට මෝටර් රථය පෙරළී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ .

 මේ අතර නාඋල - බකමූණ මාර්ගයේ මොරගහකන්දේදී  කුඩා ලොරි රථයක් තවත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනකු  මියගොස් ඇතැයි පොලිසිය කියයි.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිවව සිටි ජේ. ඒ. නිශාන්ත උදය කුමාර(47) සහ ආර්.එම්.සංජීවනි දිල්රුක්ෂි (41) නමැති අඹු සැමි යුවලකි.

ඩිමෝ බට්ටා රිය පැද වූ රියදුරු නාඋල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්   කෝන්ගහවෙල ප්‍රදේශයේ පැවති අවමඟුලකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවටසිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

 

(යෝධ ඇළට මොටර් රිය පෙරැළි සිදු වු අනතුරෙහි  ඡායාරූප  - කාංචන කුමාර ආරියදාස )



අදහස් (1)

අනතුරු දෙකකින් හතරක් මරුට

Perera Tuesday, 11 March 2025 08:33 AM

පොලිස් වාර්තාවලට අනුව වසරකට 3000ක් පමණ ලංකාවේ රිය අනතුරුවලින් මිය යනවා. ඒ කියන්නේ දවසකට 8 දෙනෙක් විතර...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site