
(අංජුල මහික වීරරත්න)
අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා සම්මුතිය සඳහා වන සංශෝධනයට අදාළ Article 3 bis සන්ධාන පත්‍රය වෙත ප්‍රවේශ වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත.
පියාසර කරමින් තිබෙන සිවිල් ගුවන් යානාවකට එරෙහිව පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් අවි භාවිත කිරීම වැලැකීමට හැකි වන පරිදි චිකාගෝ සම්මුතිය සංශෝධනය කිරීම පිණිස 1984-05-10 දින පැවති අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ 25 වන මහා මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇති අතර, එකී සංශෝධනයට අදාළ සන්ධාන පත්‍රය (Article 3 bis of Chicago Convention) 1998 - 10-01 වන දින සිට බලාත්මක වී තිබේ. අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සම්මුතියේ පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන් එකී සන්ධාන පත්‍රය වෙත ප්‍රවේශ වීම සඳහා 2024-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කර නොමැත.
ඒ අනුව, එකී සන්ධාන පත්‍රයට ප්‍රවේශ වීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදී.
2025 නොවැම්බර් මස 04
818
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2466
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1773
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අන්තර්ජාතික ගුවන් සම්මුතියකට අපේ කැබිනට්ටුවත් එකඟ වෙයි