IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ  අනතුරකින් අයකු මියගොස්  තිදෙනකු තුවාල ලැබූ බව  දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි

අනතුරින් මියගොස් ඇත්තේ  දසනායක අලුත්ගේ අමිල 41 නැමැති දෙදරු පියෙකි.

ඔහු ආපදා රථයක රියදුරෙකි

තුවාල ලැබුවන් අතර අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ  කුඩා දියණියද වන බව පොලිසිය කියයි

මියගිය  පුද්ගලයා  ආපදාවට ලක් වූ මෝටර් රථයක් පටවාගෙන ගැලනිගම  පිවිසුමෙන් ඇතුලු වි   අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙමින් සිටියදී කහතුඩුව කොට්ටාව අතරදී එහි ඉදිරිපස රෝදයක් ආපදාවට ලක් වී ඇතැයි පොලිසිය සඳහන් කරයි

ඔහු විසින් මිතුරෙකුට දුරකථනයෙන් අමතා ඊට අවශ්‍ය අමතර කොටස් රැගෙන එන ලෙස පැවසීමෙන් අනතුරුව එම අමතර කොටස් රැගෙන මිතුරා විසින් මෝටර් රථයකින් එම ස්ථානය කරා පැමිණ මෝටර් රථය ලොරිය ඉදිරිපසින් මදක් ඈතට වන්නට නවතා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත 

පසුව ලොරි රථයේ රියදුරු  ඉදිරිපස රෝදය යථා තත්ත්වයට පත් කරමින් සිටියදී මිතුරා ලොරියට වම් පසින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැට මත අසුන්ගෙන සිට ඇති අතර එම අවස්ථාවේදී මාතර දෙස සිට පැමිණි මෝටර් රථයක් ලොරියේ ඉදිරිපස රෝදය අසල අලුත් වැඩියා කටයුතු සිදු කරමින් සිටි රියදුරු යට කරගෙන  ඉදිරියට තල්ලු කරගෙන පැමිණ ඉදිරිපස නවතා තිබූ මෝටර් රථයේ පිටුපස ගැටී නැවතී මෙම අනතුර සිදුවී ඇති පොලිස් විමර්ශනවලදී  අනාවරණය වී ඇත..

අනතුරින් ආපදා ලොරියේ රියදුරු එම ස්තානයේදි මිය ගොස් තිබු අතර අනතුර සිදුකල  මොටර් රථයේ රියදුරු  ඔහුගේ බිරිද, කුඩා දියණිය තුවාල ලබා හෝමාගම  මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත

අධිවේගී රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපති     ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පෙරේරා මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පක්ෂක අශෝක කරුනාතිලක
පොලිස් සැරයන් 14612  සම්පත් 13516  රත්න සිරි මහත්වරු පරීක්ෂණ පවත්වයි.



අදහස් (3)

අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල

Kule Tuesday, 29 April 2025 06:28 AM

සම්පූර්ණ වැරැද්ද අධිවේගී මාර්ග පරිපාලනයයි. අධිවේගී මාර්ගයක ආපධා උනු රථයක් අධිවේගී මාර්ගයෙන් ඉවත් කිරීම ඔවුන්ගේ වගකීමක් වේ. අධිවේගී මාර්ගවල ආපධා වුණ රථවල රියදුරන්ද ඔවුන්ගේ නොසැලකිල්ල සහ අතිපණ්ඩිතකම නිසා මෙවන් අවාසනාවන්ත සිදුවීම් සිදුවිය හැක.

:       0       13

ජෙප්සන් Tuesday, 29 April 2025 06:51 AM

රුහුණේ මීකිරි කොළඹ සිට රස විඳීමට මහින්ද රාජපක්ෂට තිබූ ආසාව ඉටු කර ගැනීමට මෙම අධිවේගය ඉදිකිරීම මෙහි මූලික වරදයි. එසේ නොවුණි නම් මෙවැනි ඛේදවාචක ඇති නොවේ. මිය ගිය අය සුගතිගාමී වේවා! රෝගී වූවන් නිරෝගි වේවා!

:       10       3

kapila Tuesday, 29 April 2025 04:28 PM

මෙය කියවීම ඉතාමත් දුකයි, මෙය මහා මාර්ග භාවිතා කරන අතරතුර අධ්‍යාපනය සහ දැනුම පිළිබඳ ගැටලුවක්. කළ යුතු දේ හා නොකළ යුතු දේ... මහා මාර්ගයක දී වාහනය බිඳවැටීමක් සිදු වූ විට, ආරක්ෂාව ප්‍රමුඛ කරගෙන ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය වේ. වහාම වාහනය හැකි ඉක්මනින් අයිනට ගෙන යන්න. හදිසි නැවැත්වීම් මාර්ගය භාවිතා කළ යුතු අතර, වාහනය අලුත්වැඩියා කිරීමට උත්සාහ නොකරන්න. ඔබ සහ මගින් සිටින අනෙකුත් අය වහාම වාහනයෙන් බැස තාක්ෂණික මට්ටමින් ආරක්ෂිත ස්ථානයකට යන්න. හදිසි ආලෝකය (hazard lights) දැල්විය යුතු අතර, විශේෂයෙන් රාත්‍රි කාලයේ දී හෝ දුෂ්කර දසුනක් ඇති විට, නිවැරදිව දෘශ්‍යමාන වීම අත්‍යාවශ්‍ය වේ. ඔබේ වාහනය හදිසි නැවැත්වීම් මාර්ගයේදී අලුත්වැඩියා කිරීමට උත්සාහ නොකරන්න... එය ඔබට සහ අනෙකුත් රියදුරන්ට දැඩි අවදානමක් ලෙස පවතී. හැකි ඉක්මනින්, මහා මාර්ග ආරක්ෂක සේවාවන් (highway emergency services) හෝ පොලීසිය සම්බන්ධ කර ගැනීම වඩාත් සුදුසුයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site