
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අති සුඛෝභෝගී පෞද්ගලික මගි බස් රථයක් අද රාත්‍රි 06.45 හදිසියේ ඇතිවූ ගිනි ගැනීමක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බව දක්ෂිණ අධිවේගී කුරුඳුගහහැතැප්ම පොලිසිය සඳහන් කරයි.
වැලි පැන්න සහ කුරුඳුග හැතැප්ම අතර කිලෝමීටර 64 අනුව ආසන්නයේදී මෙම ගිනි ගැනීම සිදුව ඇතැයි පොලිසිය කියයි.
මේ හේතුවෙන් ගාල්ල දෙසට ගමන් ගන්නා වාහන කිලෝමීටර් 03 ක පමණ දැඩි රථ වාහන තදබදයක් ඇති විය.
ඇතිවූ ගිනි ගැනීමෙන් එහි ගමන් ගත් මගීන්ට ජීවිත හානි හෝ තුවාල සිදුවී නැතැයි පොලිසිය සඳහන් කරයි.
කොළඹ සිට ගාල්ල දක්වා බස් රථය ධාවනය වෙමින්් තිබියදී එහි පිටුපස ඇන්ජින් කොටසින් මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඇති වූ ගිනිගැනීමත් සමඟම ගාල්ල දෙසට ගමන් ගන්නා සියලු වාහන අරක්ෂක පියවරක් තාවකාලිකව නතර කිරීමට පොලිසිය මගින් කටයුතු කෙරිණි.
බස් රථයේ ඇතිවූ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නැත


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Made in China ! වෙන රටවල බස් එකට ඕනේ කරන fire extingusher එකක් අනිවාර්යයෙන් තියෙන්න ඕනේ.මේ වගේ වෙලාවට හරිම ප්‍රයෝජනවත් ලංකාවට එද්දී , ලක්සරි අයිටම් එකක් කියල ඕක ට වෙනම බද්දක් ගහනවා කියනවා :)
ඕවා චීන බස් කියල අමතක කරන්න එපා .
Safty features වලට බදු ගහන එකම රට.මිනිස්සු මැරුණට භාණ්ඩාගාරය පිරෙනවනේ.
වාහනේ වරදක් නොවෙයි, ඇලර්ම් සිස්ටම් එකක් තියෙනවා උෂ්ණත්වය වැඩිවෙන බව දැනුම් දෙන්න. දිගටම ධාවනය කරන්න ඇති. මේවා නවතා තැබීමේදී ගෑස් යට මියන් වයර් කපලා තිබෙන්න ඇති. නිතරම පරීක්ෂාවෙන් ඉන්නට ඕන. බස් නිෂ්පාදනය කෙසේ වෙතත් නඩත්තු කරන හැටිවත් උගෙන ගන්න.
Fire extinguisher එකට බදු මුදල් අය කරන්නේ නැහැ. නමුත් ක්‍රියා නොකරන, යල් පැනපු ඒවාට නම් දඩයක් ගහනවා.