(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක රියදුරන් කළුතර ප්‍රදේශයේදී බසර රථ නවතා එම රියැදුරන් දෙදෙනා , බස් රථ දෙකට මාරු වන අයුරු එම බසයක සිටි මගියකු ඡායාරූප ගත කර ඇත.
එක් බසයක් කඩවතින් 6.30 අම්බලන්ගොඩ බලා ගමන් ආරම්භ කර ඇති අතර අනෙක් බසය අම්බලන්ගොඩ සිට කඩවත බලා ධාවනය කළ එකක් බව පැවසේ .
මෙම බස් රථ දෙක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයේ දී , අතරමඟ නවතා , රියදුරන් දෙදෙනා මෙසේ මාරු වී ඇති බවත් ඉන් බස්රථ දෙකෙහි ගමන් ගත් මගින් විමතියට හා දැඩි අපහසුතාවයට පත්ව තිබූ බවත් පැවසේ .
එහිදී රියදුරන් දෙදෙනා, බස්රථවලින් බැස මාර්ගය මැද සවිකර ඇති ආරක්ෂිත වැට අසල අනාරක්ෂිත ලෙස රැඳී සිට, මාර්ගය හරහා මාරු වී තිබේ.



COMMENTS
හරකට ලැයිසන් දුන්නාම ඔහොම වෙනවා තමයි. හරිනම් බස් දෙකේ රූට් පර්මිට් අවලංගු කරලා රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අවලංගු කරන්න ඕනෑ.
බස් දෙකෙහිම අයිතිකරු එකම කෙනෙක් වෙන්න ඇති. එක් රියදුරෙකුට කුමක් හෝ හදිසි අවශ්‍යතාවයක් නිසා ආපසු යාමට එසේ කරන්න ඇති. අධිවේගයේ නිසා කරපු වැඩේ වැරදි වුණත් පුදුම වෙන්න දෙයක් නෑ ඒකට. සාමාන්‍ය පාරවල්වල ඔය වගේ දේවල් මීට පෙර අපි නම් දැකලා තියෙනවා...
ඕවත් වැරදිද මල්ලී... ඕවත් වැරදිද? ඔයිට වඩා අපරාධ කොයිතරම් වෙනවාද? හෙජින් ගනුදෙනුව, මිග් යානා ගැනීම, බැඳුම්කරය, සීනි මාෆියාව, යුගදනවී...
අධිවේගයේ ඕක කරපු එකයි වැරදි... ඒ ඇර වෙන වැරැද්දක් ඕකෙ නෑ.. පුදුම වෙන්න දේකුත් නෑ. මිනිස්සුන්ට අපහසුතාවයක් වෙලත් නෑ.. ඕක වෙන්න පැය ගාණක් ගිහින් මිනිස්සු රස්තියාදු වෙලත් නෑ.. පොටෝ ගත්ත කෙනා ලංකාවේ බස්වල වැඩිය ගමන් නොයන කෙනෙක් වෙන්න ඇති. මොකද දවස ගානේ යන අපි ඕවා සාමාන්‍යයෙන් දකිනවා. විශේෂයෙන්ම පොලිස් සේවයේ අය අධිවේගයේ බස්රථවල නැගලා ඇවිත් තමන්ට පහසු හුවමාරු වලින් බැහැලා වැටවල් පැනල යන එක... ඒ වගේම පෞද්ගලික වුවමනා වලට දුම්රිය ප්‍රමාද කරන නවත්වන එක.. ගුවන් සේවයේ ගුවන් යානා එක් අයෙක් වෙනුවෙන් ආපසු හරවාගෙන ඒම වගේ ඕනෑතරම් දේවල් තියෙනවා..
පුරුද්ද වහාම නතර කළ යූතුයි.
අධිවේග මාර්ගයේ පදිකමාරු නැති එකේ ප්‍රශ්නය.
වැරැද්ද කුමන කරුණකටදැයි අදාල නොවිය යුතුයි. සත පහක් හොරකම් කළත් රුපියල් මිලියන ගණනින් හොරකම් කළත් හොරකම වේ. කුමන වැරැද්දක්වත් කුඩාද, විශාලද යැයි නොසලකා නිසි දඬුවම් තිබිය යුතුයි.
යම් කිසි සුදුසු දඬුවමක් දිය යුතුයි .එහෙම නැති නම් නැවත මෙහෙම වෙන්න පුළුවන් .අවසානයේ අහිංසක රියදුරෙක් අතින් මෙහෙම පාර පනින කෙනෙක් මැරුනොත් ඒ රියදුරාට දවස් කීපයක් හරි හිරේ ඉන්න වෙනවා
මේ රියදුරන් අධි වේගී මාර්ගයේ රියෙන් බැසීම වැරදියි.අවශ්‍ය නම් අන්තර්හුවමාරු ස්ථානයේදී මාරු වෙන්න තිබුනා
අපේ රටේ මිනිස්සු අලුත් දේවල් හොයාගන්න හරිම දක්ශයි. නමුත් එවා ක්‍රියාත්මක කරන්නේ වැරදි විදියටයි.
දියුණු රටවල පහසුකම් ,නොදියුණු රටවල හැසිරීම.සිංගප්පුරුවේ හිටපු අගමැති ලි ක්වාන් යු මහතා කියූ දෙයක් මතක් උනා.එල එල .ඔය විදියටම හෙළ කුල සිරිතටම කරගෙන යන්න