
(මනෝප්‍රිය ගුණසේකර, බිමල් ශ්‍යාමන් ජයසිංහ, ඉන්දිකා රාමනායක, බුද්ධික කුමාරසිරි සහ ළහිරු හර්ෂණ)
නඩු කටයුත්තකු සඳහා කොළඹ අලුත්කඩේ අධිකරණයට රැගෙන ආ සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවට අධිකරණ සංකිර්ණය තුළදී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
නීතිඥයකු ලෙසින් වෙස්වලාගෙන ආ වෙඩික්කරුවකු මෙම වෙඩි තැබීම සිදු කර ඇත. වෙඩික්කරු සොයා මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර උසාවිය අවට පිටවිමේ ගේට්ටු වසා දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ.

2025-02-19
10:05 am
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
කොළඹ අධිකරණයට නුදුරුන් මීට සුළු වේලාවක පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
ගණේමුල්ල සංජීව මිය ගොස් ඇති බවට තහවුරු නොවු පුවත් වාර්තා කරයි.
වෙඩි තැබීමට හේතුව සහ පුද්ගලයන් තවමත් තහවරු කර ගෙන නොමැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කයිය ගහන ආණ්ඩුවට ඉඩ දෙමුද ?
ආණ්ඩුවේ ලොකුම පුටුවක සම්බන්ධයක් නැතුව මෙහෙම වෙන්න බෑ. ආරක්ෂක නියෝජ්‍ය ඇමති කලින් කිව්ව විදියට පාතාලය මර්දනය කරන්න සති දෙකකුත් ඇති කියලා. එයාට ඒ ගැන ඕන නම් ටියුෂන් දෙන්නත් පුලුවන් කියලා. පරණ ඇමතිලට බැන්නා බරපතල සිද්ධියක් උනාම වගකීම බාරගෙන අයින් වෙන්න කියලා. දැන් පොලිස් ඇමති ඉල්ලා අස්වෙන්න.
අවිගත්තෝ අවියෙන්ම නැසේ .බුද්ධ වචනය
මාලුපාන් කාරයො ආවට පස්සෙ රටේ ආරක්ෂාව බල්ලට ගිහින්
කෝ හැබෑවට අර පන්ති පවත්වන්න ආපු කෙනා.කොමා වෙලාද.
පාතාලය මර්දනය කිරීමට කිසිම උත්සාහයක් නොගන්නා රටකට විදේශීය ආයෝජකයෝ එයිද? ආපු අයත් ගියා. යන්තම් ඔලුව උස්සගෙන ආපු රට මොවුන් කාලා සමතලාම කරයි.
පාස්කු ප්‍රහාරය වෙනකොට රටේ ඇදතිකම් කරපු උන් මෙන්න අපි මැරිල ඉපදිල කියල හිතල පෝස්ට් දානව. ඔතන එන් පී පී උන් නෙවෙයි ආරක්ෂාව භාර, රජයෙන් පඩිගන්න ලංකාවෙ පොලීසිය, ඕක කලේ අගවිනිසුරු දැනුවත්ව කියලත් කියපල්ල. කට තිබ්බ පළියට රජයට දොස් තියන්න එපා, තමුන්ගෙ කාලෙ වෙච්ච හැටි අමතක නැහැ
ආණ්ඩුව දැනුවත්ව මේක උනා කියන අය ඇයි නීතිඥ සංගමය සහ අගවිනිසුරු චූදිතයො නොකරන්නෙ?
ආයුධ පෙන්නන්න එක්කගෙන ගිහිල්ල මාංචු දාපු උන් ආයුධ උදුරගන්නකං බලාගෙන ඉඳල වෙඩි තියල දාපු කාලයක් තිබුන ,එහෙව් ආණ්ඩු හදපු උන් මේකට රජය ගාවනව.
පොලිසියෙන් සහාය නොලැබීම නිසා, හිටපු ඇමතිලාගේ ගෝලයෝ තවමත් වැඩ කරමින් සිටී.
පාතාලෙන් පඩිගනිපු ආරක්ෂක අංශයේ අය ඉන්න රටක්, පාතාලෙට අවිය විකුනල රට පනින සාමාජිකයො ඉන්න රටක්, එහෙම රටක් එක පාරට වෙනස්වෙයි කියල හිතන මී හරක් ඉන්නවනෙ.
අපි ආවම සති දෙකෙන් පාතාලය ඉවරයි. අපි පාතාලෙට බයත් නෑ කිව්වේ මොන රටේ ජනාධිපති අපේක්ෂකද? යුක්තිය මෙහෙයුම නවත්තන්න උසාවි ගිය අයට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දීගෙන එනවා වගේ...
මාලුපාන් කාරයෝ නේද පාස්කු දවසේ හවුලේ රට පාලනය කලේ, මෙච්චර දෙයක් වුනේ නැහැ නේද එදා? ජනතාවට අමතක නැහැ ඒ දවස්වල මැති ඇමැතිලා කරපු කියපු ඒවා, ඒක නිසා මේකට රජයට දොස් කියන්න පෙර තමුන්ලාගේ නායකයෝ මතක්කරගන්න.
ලොකුම හානිය වෙන දෙයක් නෙමෙයි. මේ මරණයත් සමග කුඩු ජාවාරමට සම්බන්ධ අයගේ බොහෝ රහස් සැඟවී යන නිසයි. අනිත් පුදුම ප්‍රශ්නේ මත් ද්‍රව්‍ය ජාවාරාම් කාරයෙක් විදෙස් රටක සිට මෙරටට ගෙන ආවාට පස්සේ අවුරුදු ගණන් තියාගෙන මොනවද මේ කරන්නේ? ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්න පොලිසියට බැරි වෙන්නේ ඇයි? මේකමනේ වුනේ මදූෂ්ටත්. ඇයි මේ මිනිහාට වෙඩි නොවදින කබායක් අන්දලා ගෙනිච්චේ නැත්තේ..?
සෙනවිරත්න සට්ටැඹියා මෙතැනත් හෝදනවා. සට්ටැඹියෝ ඔවුන් හෝදන්නේ නැති හිනදනේ... කෝපි කඩේ අප්පුවා ගෙනාවේ.
කොහොමද මේ වගේ දෙයක් වෙන ආණ්ඩුවක වුණා නම්...
පාතාලය මර්දනය හොඳින් කරගෙන ගියේ ගෝඨාභය. ඒ ක්‍රමය තමා ලංකාවට ගැලපෙන්නේ. වත්මන් ආණ්ඩුව ට විතරක් දෙසේ කියලා වැඩක් නැහැ. පහු හැම ආණ්ඩුවකටම මේ හිසරදය හොඳ කරන්න බැරි වුණා.
මෙහෙම හෝදන්න වුණොත් නම් මේ රටේ NPP රෙදි සේදුම් යන්ත්‍ර ටික පිච්චිලා යනවා. හෝදන්න වෙලා තියෙන හේදිල්ලට රෙද්දක් වේලගන්න කාලයක් නැහැනේ...
සෙනෙවිරත්න, ෆය්රුස් වැනි ඩෝබි මැතිතුමන්ලා ද සහිත මාලිමාන්ඩුවටත්, විශේෂයෙන්ම පාතාලය සති දෙකෙන් නැති කරනවා යයි කයිවාරු ගැසූ ආරක්ෂක නියෝජ්‍ය ඇමත්තාටත් මෙම වෙඩික්කරු විසින් සිදු කර ඇත්තේ කණ හරහා පහර දීමකි.
මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ පාතාලයෙක් මැරිච්ච එක නෙමෙයි. ඌ මැරිච්ච තැන. ආරක්ශාව මොන තරම් දුර්වලද කියන එක එතැනදී හොඳටම පෙනුණා. අඩු ගානේ වෙඩි වැදිච්චි කෙනා දාගෙන යන්න වාහනයක් වත් නෑ. නියෝජ්‍ය ඇමැතිටත් ආපු වාහනේ මතක නෑ. ඒ වාහනේ ඌවත් දාලා ගිහින් තියෙන්නේ. මේ තරම් දුර්වල ආරක්ෂාවක් දැක්කාමයි. පොලිස් ඇමැති ආනන්ද විජේපාල දකින්නවත් නෑ. එයා ගෙදරම හැංගිලා.
අනිත් පාතාල නායකයෝ පිනුම් ගහනවා ඇති දැන්. ඔවුන්ට කියන්න පුළුවන් ලංකාවේ ප්‍රධානම අධිකරණය ඇතුළටම ඇවිත් වෙඩි තියනවා.. ඒක නිසා ඔවුන්ව පිටුවහල් කරන්න එපා කියලා. ඕක තමයි අපි කිව්වේ මේක යහපාලනේ 2 කියලා. කෝ පොලිස් ඇමැති? තාම ඇඳ යටද?
පාතාලයොන්ට ඇප දුන්නා, දවස ගානේ මිනිස්සු වෙඩි තියලා මරණවා.. කුඩු, අයිස් රටේ රජ කරනවා. ආණ්ඩුව පහුගිය අයගේ වැරැදි හොය හොයා ඉන්නවා. දැන් මාස 5ක් ඉවරයි. අඩු ගානෙ ඕවා නවත්තනවා කියලා සැලැස්මක් වත් තියෙනවාද? ඒ වුණාට යුක්තිය මෙහෙයුම් කරන කාලේ කිව්වේ එන්න අපි පාතාලේ නවත්තන හැටි ගැන පන්ති කරන්නම් කියලා...!
මෙතන මැරෙන්නෙ නැතිව ගුගල් කරලා විකිපීඩියා එකෙ පොඩ්ඩක් බැලුවනම්, දශක ගණනාවක පාතාලේ සෙට් එකයි, තිබිච්ච දේශපාලන සම්බන්ධතා ගැනයි ලෙසටම තියෙනවා.
ලංකාවත් දැං ඇමරිකාවේ චිකාගෝ වගේ. හ්ම් ඉන්න හිතෙන රටක්...
සිද්ධාලේප බන්දුවාගේ යුක්තිය මෙහෙයුම එපා කියලා විරෝධතා පවත්වපු දායක සභාවටයි, ජෙප්පන්ගේ මුහුණු පොතේ වහල්ලුන්ටයි දැන් බැරියැයි, අධිකරණයට ආරක්ෂාව දෙන්න ! සාධුකාරයක් දෙන්න පින්වතුනි...!
මේ වෙඩි තැබූ සැකකරු එම ස්ථානයෙන් පලාගිය බව වාර්තා කර තිබුණා. මෙතරම් ආරක්ෂකයින් සිටින අධිකරණ භූමියක මෙලෙස කෙනෙකුට වෙඩි තබා පලා ගියේ කෙසේද?
මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කාලේ කුඩ්ඩන්ට හොඳට අනුග්‍රහය ලැබුණා, මතකයි.