
(ජේ.ඉඳුරුවගේ)
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව 2023 වර්ෂය වෙනුවෙන් නොබෝදා නිකුත් කළ විගණන වාර්තාවේ වත්කම් කළමනාකරණ විගණන නිරීක්ෂණ යටතේ මේ බව සඳහන් කර ඇත.
අස්ථානගතව ඇති වාහන 141 ක් පිළිබඳව තොරතුරු මේ වන විට නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වීම නිසා දැනට මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණන කාර්යාලය වෙත පිළිතුරු ලබාදී ඇත.
මෙම වාහන නිවැරදිව හඳුනාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම හා අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම කලයුතු බව විගණන කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධ්‍යාපන ලේකම්ගේ නමට ලියාපදිංචි වාහන 140 ක් අස්ථානගතවෙලා
Rata Perata Thursday, 09 January 2025 10:41 PM
ඔන්න පලපුරුදු කාලකණ්ණින්ගේ වැඩ.
sunil Friday, 10 January 2025 05:14 AM
මෙවැනි අක්‍රමිකතා වීමට එක හේතුවක් තමයි අමාත්‍යංශ ලේකම් කෙනෙක් යම් අමාත්‍යාංශයක සේවය කරන කාලය කෙටි වීම. එවිට ඔහුට එම අමාත්‍යංශයේ වග වීමක් අඩුවනවා. ලිපිකරුවෙක් මෙන් ඉතා කෙටි කලකදී මාරු වනවා. අමාත්‍යංශයේ කිසිම දෙයක් සබැඳිව හරි හැටි අවබෝධයක් නොමැතිව ලිපි ගොනු ටික එහාට මෙහාට යවා මාරු වනවා. පසු විපරම වන විට වෙන ලේකම් කෙනෙක්. එයත් ගොනුව අරගෙන මොනවහරි කරලා පාස් කරනවා.
nanda Friday, 10 January 2025 06:21 AM
මේවා හැමදාම කියනවා කෝ මේවාට වගකිව යුත්තන්ට දඬුවම්
Nimal Friday, 10 January 2025 06:22 AM
අස්ථානගතවෙලා වුනත් එම වාහන ලංකාවෙ ඇති.රාජ්‍ය ගිණුම් කාරක සභාවට එම වාහන විස්තරාත්මකව අරගෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙතින් විමසා බැලුවොත් හොරු අල්ලන්න පුලුවන් වේවි
රසික Friday, 10 January 2025 07:05 AM
කරපු පොරොන්දු ඉෂ්ට කිරීමට බැරුව රට වැසියන් ගේ අවධානය වෙනතකට යොමු කරමින් දුන් පොරොන්දු වලින් මග ඇරලා මීළඟ චන්ද යෙදී කෙඳිරි ගාන්න එපා හරිද
සාලිය Friday, 10 January 2025 07:24 AM
සමහර ඉස්කෝල තියනවා ළමයෙක් ලෙඩ උනාම බේතක් ගන්න යන්න විදියක් නෑ. මේක ඉදින් අරයලැයි හදපු රටනේ.
Gimhan Friday, 10 January 2025 11:24 AM
ඔය අහුවෙන්නෙ හොරු