
ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (14) පැවැත්විය.
ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාරිවරුන් මූහුණ පා ඇති අභ්‍යන්තර වැටුප් විෂමතාවය ඉවත් කිරීමට බලධාරීන් මෙතෙක් අසමත් වීම හා නිර්බාධ උසස් වීම ක්‍රියාවලිය ගුරු අධ්‍යාපනඥයාට ලබා නොදීම ඇතුළු වෘත්තීය ගැටලු ගණනාවක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවැත්විය.
එයට අධ්‍යාපනඥ කථිකාචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වූ අතර පොලිස් නිලධාරීන් ද විශාල පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා තිබුණි
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට ඇති වෙන්න පඩි වැඩි කෙරුවා නේද. තවත් මොනවද කියන්නේ.