IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අදානිගෙන් ඉවත් වෙලා නෑ

(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න)

අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවන සභාවාරයේ පළමු බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී කාරක සභාවට සහභාගී වූ  මන්ත්‍රීවරුන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමසූහ.

අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බවත් එම අවස්ථාවේදී ඉන්දීය අදානි මව් සමාගම  මෙම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් ලැබී තිබුණු බවත්  අමාත්‍යවරයා කීවේය

මේ අනුව ආයෝජන මණ්ඩලය  ඒ පිළිබඳ අමාත්‍යාංශය දැනුවත් කළ බවද  ඔහු සඳහන් කළේය.

නමුත් සුලං බල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ලංකාවේ අදානි සමාගමේ නියෝජිත ආයතනය සමගින් බවත් මේ නිසා මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස එම ආයතනය දැනුවත් කොට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එබැවින් ලිපිය යවා සති දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් පිළිතුරක් අපේක්ෂිත බව  අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මෙහිදී පැවසීය.

මේ නිසා මෙම සති දෙක ඇතුළත සෘණාත්ම පිළිතුරක් ලැබුණහොත් පමණක් වෙනත් විකල්පයකට යොමු වීමට සිදුවන බව හෙතෙම තවදුරටත් පෙන්වා දුන් අතර ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘතිවලදී රජයන් අතර ගිවිසුම් (G2G) සහ තරඟකාරී ප්‍රසම්පාදනය හරහා පමණක් සිදුකිරීමට සැලසුම්කොට ඇති බව පැවසීය.

තවද මෙහිදී ඉංජිනේරුවරුන් ඇතුළුව ලංකා විදුලි බල මණ්ඩලයේ පවතින පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු වූ අතර පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ආර්ථික අර්බුදය පැවති කාලසීමාවේදී බොහෝ ඉංජිනේරුවන් විදෙස්ගතවී ඇති බවත් මේ නිසා පුරප්පාඩු පවතින බවත්ය. නමුත් පසුගියදා කොටස් 3ක් වශයෙන් මෙම පුරප්පාඩු පිරවීම සඳහා කැබිනට් අනුමතිය ලැබී ඇති බවත් එහි පළමු කණ්ඩායම ඉදිරියේදී බඳවාගැනීමට කටයුතු කරන බවත් නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

එසේම මෙහිදී හදිසි විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ අතර පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ පද්ධතියේ ඇතිවන සුළු වෙනසකදී පවා පද්ධතියම අස්ථාවර වීමේ හැකියාවක් පවතින බවයි. මේ නිසා සූර්ය බලශක්තිය වැනි අනෙකුත් බලශක්ති ප්‍රභවයන් යොදාගනිමින් පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාමට මේ දිනවල උත්සාහ කරන බව ඔවුහු පෙන්වා දුන්හ.

තවද වීදි ලාම්පු ප්‍රමාණවත් ආකාරයෙන් නඩත්තු නොවීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර වීදි ලාම්පු සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන සහ විදුලිබල මණ්ඩලය එක්ව කටයුතු කිරීම අවශ්‍යතාවය කාරක සභාව විසින් අවධාරණය කරන ලදි.



අදහස් (1)

අදානිගෙන් ඉවත් වෙලා නෑ

ගුණරත්න Sunday, 09 March 2025 08:46 AM

ආණ්ඩුවේ මාරි මෝල්කම නිසා විදුලි බිල අඩු කළා, ඒත් බිල් එහෙම්ම තියාගෙන ලැබෙන අතිරික්ත මුදල් යොදවලා රටේ විදුලිබල පද්ධතිය අලුත් කරන්න තිබුණා. අවුරුදු පතා ලැබෙන කෝටි 14,000ක් වගේ මුදලක් ලාබ විදියට තියෙද්දී ලෝකේ ඕනෑම බැංකුවකින් ණයක් ගන්න වුණත් පුළුවන්. එහෙම වුණා නම් ස්ථාවර මිල අඩු විදුලිබලය සපයන්නත් පුළුවන්..., එතකොට බිල කොහොමත් අඩු කරන්න පුළුවන්, ඒත් මෝඩ මාලිමාවුන් එක කා ගත්තා. දැන් පරණ පද්ධති අලුත් කරන්න නම් විදේශ ආධාර හිඟා කන්න ඕනෑ. ඕක නිසා තමයි කියන්නේ පළපුරුද්දත් වැදගත් කියලා...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site