(අංජුල මහික වීරරත්න)
අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියෙන් ඩොලර් ශත හයකට විදුලිය මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අදානි සමාගම විදුලි ඒකකයක් වෙනුවෙන් ඇමරිකා ඩොලර් සත 8.25ක මිලක් ඉල්ලා තිබීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
"අපි රජයක් විදියට විශ්වාස කරනවා ඒ මිල වැඩියි කියලා. ඒ අනුව රටටත් වාසිදායක වන ආකාරයට ඩොලර් සත 6කටත් වඩා අඩු ප්‍රමාණයකට විදුලිය මිලදී ගන්න අපි සාකච්ඡා කරනවා. රටට වාසියක් වන විදියට ඒ මිල ගණන් සංශෝධනය කරගන්න අප බලාපොරොත්තු වෙනවා.පුනර්ජනනීයම කිව්වාට හරියන්නේ නැහැ.
පුනර්ජනනීය කියන එකේ රටට ලාභයක් තියෙන්නේ ඕනේ. ඒකෙන් පරිසරයට වෙන හානිය පමණක්ම නොවෙයි අපි සලකන්නේ. රටේ ජනතාවට සහ ආර්ථිකයට වෙන බලපෑමත් සැලකිල්ලට ගන්නවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අදානිගෙන් අඩුවට විදුලිය ගන්න සාකච්ඡා අරඹයි
අකිල Tuesday, 28 January 2025 04:36 PM
ඉතින් ඕකට අදනිගේ පස්සෙම යන්න ඕනෙද ? දේශීය සමාගම් 5ටත් අඩු ගණනකට දෙන්න පුළුවන් කියලා තියනවා නේද? ඉන්දියාවෙයි, චීනෙයි වෙනස ඔන්න ඕකයි, චිනේ පොඩි රටවල් එක්ක බිස්නස් කරනවා. ඉන්දියාවේ ඒ ගොල්ලන්ගේ ජරාව දේශපාලන බලපෑමෙන් බලෙන් ම පොඩි රටවල් වල ඇඟේ ගහනවා
Toni Wednesday, 29 January 2025 12:38 AM
ඉන්දියානු කොලනියක් කරන අදානී සාකච්ඡා වහා හකුලා ගනිව් .මීට ටොම් පචයා
ranjith Wednesday, 29 January 2025 05:04 AM
බොරැ විරෝධයක් පලා, අන්තිමට ඒකත් සිදුවේවි