
(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් දහයකින් අඩු වුවත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද 1 පෙරවරුව වන විටත් අඩු කළ මිලට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන නොතිබිණි.
ඉන්ධන පිරවුම්හල් රැසක ඉන්ධන නොමැති බවට දැන්වීම් පළ කර තිබූ අතර තවත් මධ්‍යස්ථාන රැසක පෙට්‍රල් ඉන්ධන පෙර තිබූ මිලට අලෙවි කළේය
තම සමාගම් මිල අඩු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව පිරවුම්හල් සේවකයන්ගෙන් දැනගන්නට ලැබිණි.
කෙසේ වෙතත් උද්ගතව ඇති තත්ත්වය හමුවේ පාරිභෝගිකයන් එම ස්ථානවලින් පෙර පැවති මිලට තෙල් ලබා ගැනීමට කටයුතු කරනු දක්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල වැඩි කළා නම් පෙට්‍රල් පොම්පවලට ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ තත්ත්වය මේකයි.
මේ පින්වත් මහත්තුරු වැඩි උනාම පරණ තෙල් ටික අඩු ගාණටම දෙනවා ඇති නේද?
ඕක තමයි ස්වභාවය, අඩු උනහම ඒ පාඩුව සතයක් උනත් දරාගන්න සූදානම් නැති ෂෙඩ් කාරයො පහුගිය දවස්වල කොමිස් ඉල්ලල ස්ට්‍රයික් කල එක සාධාරණද කියල සියලුම ජනතාව හිතන්න. නැවතත් ඔය වගේ වැඩ වලට කිසිම සහයක් දෙන්න එපා,
අපි නම් එහෙම තෙල් නැති ප්‍රශ්ණයක් දැක්කෙ නෑ. ගොඩක් ශෙඩ්වල කිසි පෝලිමක් තිබ්බෙත් නෑ. මට නම් හිතෙන්නේ මේ වගේ ප්‍රවෘත්ති මිනිස්සු අතර අනවශ්‍ය කළබලයක් ඇති කරන්න කරන්න කරන දේවල් වගේ. දැන් මාසෙකට හමාරකට කලිනුත් ඔය වගේ බොරු ප්‍රවෘත්තිවලට අහුවෙලා මිනිස්සු නිකාන් තෙල් පෝලිම්වල පැය ගණන් රස්තියාදු උනා.
බොහෝ රටවල් වල ඉන්ධන මිල දවසින් දවස, මොහොතින් මොහොතට අඩු වැඩි වෙනවා. ලංකාවේ ඉන්ධන මිල වැඩි කළාම සුටුස් ගාලා ශෙඩ් කාරයෝන්ට වැඩි කරන්න පුළුවන් නම්, ඉන්ධන මිල අඩු වුණාම සුටුස් ගාලා අඩු කරන්න බෑ ඇයි?
බොරු .තෙල් තියනවා
ඔහොම යමු
අඩුවට ගන්න කොට ඔහොම වෙනවා