
(අංජුල මහික වීරරත්න)
නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොල්ලුපිටිය වාලුකාරාමය ට ගොස් මහා සංඝරත්නය ආශිර්වාද ලබා ගත්තේය.
කොල්ලුපිටිය වාළුකාරාමය ට පැමිණි අග්‍රාමාත්‍ය වරයා වාළුකාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති කල්ල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය කොළඹ දිසාව ඇතුළු ඌව පළාතේ ප්‍රධාන සංඝනායක මහරගම නන්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කළහ.
දෙස් විදෙස් මාධ්‍යවේදීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් වාලුකාරාම විහාරස්ථානයට රැස්ව සිටි අතර විශේෂයෙන් විදේශ මාධ්‍ය මෙම පුවත ආවරණය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරන අයුරු දැකගත හැකි විය.
(ඡායාරූප ලහිරු හර්ෂණ)

COMMENTS
මම මේ බලාගෙන ඉන්නේ අරලියගහ මන්දිරය අසල ගමට වැටෙන නම ගැනයි. හිතා ගන්න පුළුවන්... ඒත් ලියන්න මොකද්දෝ වගේ...
කව්රු පත්වුණත් පන්සල්ගානෙයි, පල්ලිගානෙයි ගිහිල්ලා එනකොට පෙරහැර ගිහිල්ලා තියෙයි.. තනිකරම බොරු.
පළමුව ආශීර්වාද ගැනීම උචිතයි...
හරිනම් මෙයා දැන් ඉන්න ඕනෙ මෙහෙ නෙමෙයි..
ඔය හරියෙදි නේද අර පොලිස් ලොක්කෙකුත් ගුටි කෑවේ..?
අපේ සුබපැතුම්... !!! අපට අකැමැති අය වගේම කැමැති අයත් ඉන්නවා..