
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රොනී ද මැල් මහතාගේ අවමගුලට පැමිණි අගමැතිවරයා රැගත් ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට දැඩි අලාභ හානි සිදු විය.
විශේෂයෙන්ම එම අවස්ථාවේ දී මුහුද දෙසින් පැමිණි දැඩි සුලං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වු බවට ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රකාශ කල බව මාතර තානායමේ කලමණාකරු පැවසීය.
කෙසේ වෙතත් එම සිදුවීම සිදු වන විට ආහාර පාන ලබා ගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්,දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පිගන්වලට ද වැලි ,දූවිලි හා කුණු රොඩු වැටී තිබු අතර එම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබුණි.දැඩි බියට ද ඔවුන් පත්ව තිබුණේය.
ඊට අමතරව මාතර තානායමේ බුෆේ කෑම මේසයේ කෑම සියල්ල විසි කර දැමීමට සිදු විය.පිගන් කෝප්ප ද කුඩු වී තිබුණේය.බාර් එකේ වහල ගැලවී ගොස් තිබු අතර රෙස්ටොරන්ට් එකේ උලු කැට ගැලවී ගොස් තිබුණි.
නිසි ආකාරයට ගුවන් යානය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් සිය විරෝධය පල කර තිබුණේය.
අපහසුතාවයට පත්වු විදේශිකයින් ඇතුළු පිරිසට ඇණවුම් කල කෑම වෙනුවට ක්ෂණිකව ෆයිඩ් රයිස් සාදා නැවත පිලි ගැන්වීමට මාතර තානායමේ කලමණාකාරීත්වය කටයුතු කර තිබුණි.
ඒ ආසන්නයේ කොට්ටම්බා ගසක අත්තක් ද බිමට කඩා වැටී තිබුණේය.
අවමංගල්‍යය උත්සවය අවසන් වී ප්‍රභූන් පැමිණීමට නියමිතව තිබු නිසා කාර්ය මණ්ඩලය යොදවා ඉතා ඉක්මණින් මාතර තානායම පිරිසිදු කිරීමට ද කටයුතු කෙරිණි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගුවන් යානයේ සිට ආරක්ෂාකාරීව ගොඩ බැස්සවීමෙන් පසු අවමංගල්‍ය උත්සවය වෙත කැදවා ගෙන එන ලදි.
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් මාතර තානායමට සිදුව ඇති හානිය පිළිබඳව සොයා බැලීමට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද පැමීණ තිබුණි.


COMMENTS
නාස්තිය නැතිකරලා නැහැ වගේ නේද? අධිවේගය... මහාමාර්ගය... හෙලිකොප්ටරයේ වියදම... අලාභය?
ගිය තැන විනාශයක්...!
හයිවේ එකෙන් පැයෙන් යන්න පුළුවන් ගමන. කොහොමද මොවුන්ගේ අරපිරිමැස්ම..? අනිත් එක මොවුන් ගිය තැන විනාශයක්...
ෆොටෝ වල තියෙන්නේ මේ අය ලංකාවට කළ දේ...
හෙඩිම දැක්කාම හිතුණේ වෙන එකක්...!
අගමැතිට මාතරට යන්නත් හෙලිකොප්ටර් ඕනෑද? රටේ මිනිස්සු එදා වේල පිරිමහගන්න නහිනවා..!
දිනේෂ්ට සනත් නිශාන්ත හම්බවෙන්න තිබුණු චාන්ස් එක නැතිවුණා. තව සැරයක් කිරිබත් කන්න තිබුණු චාන්ස් එක අපිට නැති වුණා...
ගහපල්ලකෝ ඒක හදන්නත් බද්දක් පුළුවන් නම්...?
යානයේ ගිය කෙනෙකුගේ කර්ම දෝෂයක් නිසා වුණා වෙන්න බැරිද? අධි ආවේගී පාරෙන් ගියා නම් පැයක ගමනක්...! හෙලිකොප්ටරෙන් යන්න වියදම අපෙන්ද? රටටම කෙලවලා මොවුන් යන්නේ උඩින්...!
මොනවා කරන්නද? හරක් ටිකක් රටක පාලකයින් වුණාම ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.
කාලකන්නි ගිය තැන විනාශයක් තමයි...
හැමදාම හොරු වෙනුවෙන් අත් උස්සපු, රටට කිසිම වැඩක් නොකරපු, පාර්ලිමේන්තුවේ රනිල් හොරා කියලා කෑ ගහලා දැන් ළඟට ඇවිල්ලා.. සාපයක් තමයි.
මොවුන්ට රථ ගාය මදිවාට හෙළිකොප්ටර් ගායකුත් ඇවිල්ලා දැන්...!
අපරාදේ කොට්ටම්බා ගහ, වහලා... කෑම පයිලට් මල්ලිට ජාතික වීරයෙක් වෙන්න තිබුණු අවස්ථාව මඟහැරුණා...!
තව ඩිංගක් එහෙමෙහෙ වුණා නම් බඩු බනිස්...!
ගිය තැන ඉවරයි...
අනේ, නූලෙන් ජාතිය බේරාගැනීමේ අවස්ථාවක් මග හැරිලා වගේ, මේ වගේ කොළඹ ඉඳලා පැය දෙකෙන් ඔතැනට එන්න පුළුවන්කම තියෙද්දී ඇයි මේ ගුවන්යානා? හිඟන රට, ණයට කන රට, මේ හදිසිය මොකක්ද? මෙයාලා ඔච්චරම කලබලේ අපට කරපු සෙතේ කියන්නකෝ..!
ගුවන් යානයක්ද.. හෙලිකොප්ටර්යක්ද..?
මහජන බදු මුදල් කාලා ගුවනින් මාතර යන්න? අර රාජපක්ෂ අධිවේගී මගේ පැය දෙකයි. ලොව ධනවත්ම රටක අගමැතියෙක්වත් කරන වැඩක්ද? අනික ඔය අවසන් ගෞරව දැක්වීම කොළඹදී කරන්න බැරිව තිබුණ තරම් කාර්ය බහුල අගමැති කෙනෙක්ද අපේ අගමැති...? ලෝකයට හිනස්සන විහිළු සපයන්නා...
ඔන්න ඔබලාගේ බදු සල්ලි වලට වෙනදේ, මළ ගෙදරක එන්න හෙලිකොප්ටර්, එච්චරටම වැඩ හදිසි, අනේ මෙහෙම මූසල රටක්, මොවුන්ට ගෑවිච්චි කෙනෙකුට සලකන්න එපා...
මේ වාමාංශික නායකයෙක් නේද? කොළඹ ඉඳන් මාතර එන්න හයිවේ තියෙද්දී ඉතුරු කරන හැටි අපූරුයි. අපි බදු ගෙවන්නෙ මේකටද?
බොරලුගොඩ නරියා හබක් කියලා ලියන්න තිබ්බ චාන්ස් එක නැති වුණා. රටේ ජනතාව වැල්පාලමෙන් එගොඩ කරන්න වෙන්ඩැති ගුවන් යානයෙන් යන්නේ...
ඔබලා ඔයතරම් රටට වැඩකරනවා නම් මේ කිලෝ මීටර් 100ක් යන්න හෙලිකොප්ටරයක් අවශ්‍යමද? ඒ ගමන සැප වාහනයක අධිවේගයේ ගියත් කොතරම් අඩුමිලකට වැඩිම පැය 1 හමාරක ගමනක්නේ... හෙලිකොප්ටරයෙන් යන්න තරම් හදිසිය මොකක්ද? අපිව මරමරා ගන්න බදු සල්ලි වලට කරන නාස්තිය. හැබැයි ඔබගේ මුදලින් හෙලිකොප්ටරයෙන් ජීවිතයටවත් මෙහෙම ගමන් යයිද?
චික්.... ඕක කඩාගෙන වැටුණේ නෑනේ...
සිගිති ආතල් හෙළිකොප්ටර්වල යන්න තියෙන ආසාව...
පාර්ලිමේන්තුවේ කථානායක පුටුව කැඩූ මිනිහා (එහි වීඩියෝව නරඹන්න) අගමැති. අනේ කාලේ වනේ වාසේ...!
මොකද මෙයාට බිමින් යන්න බැරිද?
දේශපාලනය ගාවාගන්න දෙයක් වෙලා නෑ. මෙතැන කාර්මික දෝෂ සිදුවීම සාමාන්‍යයයි. අගමැති වරයෙක් බස් එකේ යන්න කියලද මේ හෑලි ලියලා කියන්නේ...!
ප්‍රභූ...?
අපෙ හරක්ට , මක උන් ගන්න සැප තෙරෙන්නෙ නැහැ..අයෙත් උන්ගෙම පස්සෙ වැටිලා ඉන්න රැලක් ඉන්නවා..කරුමෙ තමයි මුන්ගෙ..