
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෙතෙක් පොල් පොහොර සහනාධාරය දුන්නේ අක්කර පහකට අඩු වතු හිමියන්ට පමණක් වුවත් අක්කර පහකට වැඩි පොල් ඉඩම් හිමියන් සඳහාත් අක්කර පහක් සඳහා පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ප්‍රධාන වැවිලි බෝග සඳහා පස් අවුරුදු උපාය මාර්ග ප්‍රතිපත්ති හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා කීය.
"අප දූෂිත රාජ්‍යයක් ලෙස අල්ලස රජ කරපු රාජ්‍යයක්. පාතාල රාජ්‍යයක් ලෙස කිරුළු පළඳවන ලද්දේ හිටපු පාලකයන් විසිනුයි. වැරදිච්ච දේවල් නිවැරදි කරමින් අප රජයක් ලෙස ඉදිරියට ගමන් කරමින් සිටිනවා.මේ යන ගමනට ඔබේ ශක්තිය ධෛර්යය තවදුරටත් එකතු කරන්න.අනාගත පරපුර ක්‍රීඩාවෙන් බබලන තැනට පත් කරන්න අප සූදානම්.
එමෙන්ම අප වගා පුනරුත්ථාපන වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.ඇතැමුන් මහා පරිමාණ වතු අතහැර දමා තිබෙනවා.එහෙම කරන්න දෙන්න බෑ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අක්කර 5 ට අඩුයි. තවම නෑ පොහොර සහනාධාරය ලැබුනේ ... දැන් ගොඩක් කල් බලන් ඉන්නවා.
ෂො ්විතරයි...
පසුගිය වසර 10-15 තුළ ලංකාව පුරාම ගොවිජන සේවා මධ්‍යස්ථානවල සිටින පොල් සංවර්ධන නිලධාරීන් සේවය නිසි ලෙස ඉටු කර නොමැත. එසේ කළා නම් මෙපමණ පොල් හිඟයක් රට තුළ ඇති නොවේ. මොවුන් වැටුප් ලබාගනිමින් නිකරුනේ කලය ගතකර ඇති බව පෙනේ... මොවුන් පසුගිය කාලය තුළ කලේ කුමක්ද කියලා විමර්ශනයක් කර බලන්න. තංගල්ලේ නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුබද්ද පොල් සංවර්ධන නිලධාරියාගෙන් වැඩනම් මෙලෝ රහක් නොමැත. සමහර විට රටපුරාම ඉන්න පොල් සංවර්ධන නිලධාරියෝ මෙහෙම ඇති...
ගොවිජන සේවා මධ්‍යස්ථානයකට වැඩක් කරගන්න ගියාම අදාල නිලධාරියා ආසනේ සිටින්නේ සතියකට දිනක් හෝ දෙකක් පමණි. නිලධාරියන් පැමිණ උදේට පොත් අත්සන් කර කාර්යාලයෙන් පිටව තමන්ගේ පුද්ගලික වැඩ වල නියැලෙති.. කරුණාකර මේ සියලුම කාර්යාල වල ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න. ක්ෂේත්‍රෙය් යන නිලධාරීන්ට GPS තාක්ෂණය අඩංගු රාජකාරි ජංගම දුරකථනය බැගින් ලබාදී ඒ ගොල්ලන්ගේ රාජකාරි වෙලාව තුළ ගමන් බිමන් අධීක්ෂණය කරන්න. බැරි කෙනෙකුට ගෙදර ඉන්න කියන්න. අවශ්‍ය ප්‍රමාණයකට වැඩිය 3 ගුණයක් රජයේ නිලධාරීන් ලංකාවේ සිටිති.